
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පළමු තැනැන්තාට සායනික අත්හදා බැලීම්වල තිබෙන සිය එන්නත ලබාදුන් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ තවත් ඖෂධ සමාගමක් වන ‘ඉනවියෝ’ ඖෂධ සමාගම අද (7) නිවේදනය කළේය.
‘ඉනවියෝ’ ඖෂධ සමාගම සිය ‘කොවිඩ්-19’ එන්නත ‘අයි.එන්.ඕ.-4800’ (ඉනෝ 4,800) යනුවෙන් නම් කර ඇත.
එම එන්නත මේ වනවිට එහි සායනික අදියරවලට පැමිණ තිබෙන අතර අධ්‍යයන තුනකින් සමන්විත මෙම අදියරේ දෙවැනි සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර ඇතැයි එම සමාගම සඳහන් කළේය.
ඒ අනුව වයිරස අවුරුදු 18 හෝ ඊට වැඩි පිරිස්වලට එන්නත ලබාදෙන බවත් මේ වනවිට ඒ සඳහා 400 කට වැඩි පිරිසක් ඊට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇතැයි ද එම සමාගම නිවේදනය කළේය.
ඉනවියෝ සමාගමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මූල්‍ය අනුග්‍රහය දක්වයි. මේ මාසය අවසන් විට සායනික අදියරේ දෙවැනි අධ්‍යයන කොටස අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද එම සමාගම සඳහන් කළේය.
තවදුරටත් දත්ත හා තොරතුරු අවශ්‍ය බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරිය පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම එන්නතේ සායනික අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේ ය.
(රොයිටර්ස්)
055
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් එන්නතක් සායනික අත්හදා බැලීම් අරඹයි