IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 868ක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 868 දෙනෙකු හමුව ඇති බවත් මින් 90 දෙනෙකු බැගින් වන වැඩිම පිරිසක් බියගම සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මිනුවන්ගොඩ - 79 ක්, මීරිගම - 77 ක්, වත්තල - 76 ක්, ගම්පහ - 72 ක්, සීදූව - 65 ක්, දිවුලපිටිය - 60 ක්, අත්තනගල්ල - 55 ක්, දොම්පෙ සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් - 45 දෙනෙකු බැගින් , කටාන සහ කැලණිය යන කොට්ඨාසයන්ගෙන් - 35 දෙනෙකු බැගින් , ජාඇල - 34 ක් සහ මීගමුව කොට්ඨාසයෙන් 10 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 60 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 46 ක්, බියගමින් - 6 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 8 දෙනෙකි.

ආසාදිතයින් 352 දෙනෙකු පැය 24 තුල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් සැක සහිත රෝගීන් 223 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,079 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 3,28,753 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති බවද වෙබ් අඩවියෙහි සදහන්ය.

 



අදහස් (0)

ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 868ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 48 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site