‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා ලබාදුන් 4% ණය යෝජනා ක්‍රමයේ සහන කාලය මාස 9ක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීමේ ජාතික වැදගත්කම හඳුනාගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව සමඟ සාකච්ඡා 4%ක වාර්ෂික පොලී අනුපාතිකයන් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධණ ණය පහසුකම් සැපයීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කළේය.
සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යනුවෙන් නම් කළ එය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක විය.
කෙසේ නමුත් ‘කොවිඩ්-19’ වයිරස වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන් බොහෝ ණයලාභීන්ට ඔවුන්ගේ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කරගැනීමට නොහැකි වී ඇති බවත් එම නිසා ණය ආපසු ගෙවීමට ණයලාභීන්ට පහසුකම් සැලසීමේ අරමුණින් සහන දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව ණය පහසුකම යටතේ ලියාපදිංචි වී සිටින ලිඛිත ඉල්ලීමක් කරන ණයලාභීන්ට තවත් මාස තුනක සහන කාලයක් ලබාදෙන බව ද එම බැංකුව කියයි.
මාස නවයක සහන කාලයක් ලබාගැනීමට අපේක්ෂා කරන මෙම කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් අදාළ බැංකුවට ලිඛිත ඉල්ලීමක් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා සහන ණය කාලය මාස 9 ක්
සමීර Saturday, 07 November 2020 03:06 AM
මේ ඔක්කොම සහන තියෙන්නේ ඇමතියන්ගේ ප්‍රකාශවල විතරයි. මිනිස්සුන්ට කිසිම ආයතනයකින් සහනයක් ලැබෙන්නේ නෑ. කවුරු කාවද රවට්ටන්නේ?