IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා වයිරසය මාතරටත් යයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දිවුලපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගි වී මාතර හිත්තැටියේ පිහිටි තම නිවස වෙත පැමිණීමෙන් පසු ස්වයං නීරෝධායනයට යොමු කර සිටි 63 හැවිරිදි කාන්තාවකට අද (15) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර්.පරික්ෂණයේ දී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඇය සමග එම නිවස තුල ස්වයං නීරෝධායනයට යොමු කර සිටි එම කාන්තාවගේ දියණිය තවත් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේය.

ඉකුත් 01 වැනිදා ඔවුන් දිවුලපිටියේ ඥාති දියණියකගේ විවාහ මංගල උත්සවයට සහභාගී වී 06 වැනිදා තෙක් මනමාලියගේ නිවසේම නතර වී තිබේ.

එදින සවස රුහුණු කුමාරි දුම්රියෙන් මාතරට පැමිණ බසයකට ගොඩ වී සිය ගමට ගොස් ඇත.

පසුව දෙවැනි මනමාලියට කොරෝනා ආසාදනය වී ඇති බව හෙලි වීමත් සමග එම මව හා දියණිය පදිංචි නිවස තුලම ස්වයං නීරෝධායනයට යොමු කර තිබේ.

ඉකුත් 12 වැනිදා ඔවුන්ගෙන් ලබා ගත් සාම්පල් වලින් පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර තිබෙන අතර එහිදී මවට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය.



අදහස් (0)

කොරෝනා වයිරසය මාතරටත් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31653 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14098 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11102 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site