IMG-LOGO

කුරුණැගල රෝහලෙන් පී.සී.ආර්. යන්ත්‍රයක් සාදාගනී

(පුෂ්පකුමාර ජයරත්න)

කොරෝනා වයිරසය ආසාධනය වූ බවට සැක කරන රෝගීන් පරීක්ෂාව සඳහා අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍රයක් නොතිබීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය  පරීක්ෂණ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සමත්වී ඇත.

රෝහලේ වෙනත් ප්‍රතිකාර ඒකකයක රෝගීන් පරීක්ෂාවට තිබෙන යන්ත්‍රයක අවශ්‍ය කොටස් එකලස් කර නව පී.සී.ආර්. යන්ත්‍රය නිර්මාණය කිරීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමත් වී තිබේ.

මෙසේ සකස් කරන ලද යන්ත්‍රයේ නියම පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක පෙන්වන කාර්යක්ෂමතාවය නොතිබුණද දිනකදී එමඟින් නිවැරැදි පී.සී.ආර්. පරීක්ෂණ 10 ක පමණ සංඛ්‍යාවක් කරගත හැකි බවද කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු වන සැක සහිත රෝගීන් සංඛ්‍යාව අනුව එම පරීක්ෂණ සංඛ්‍යාව දිනකට හොඳටම ප්‍රමාණවත් බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වයිරසය රට තුළ පැතිර ගිය මුල් අවධියේදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වූ සැක සහිත රෝගීන් පරීක්ෂාවට පොල් පර්යේෂණ ආයතනයේ පාවිච්චියට ගනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබුණද එය ආපසු ලබාදීමට සිදුවීම හේතුවෙන් රෝගීන් පරීක්ෂාව බරපතළ ගැටළුවක් වී තිබූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

පොල් පර්යේෂණායතනයෙන් ලබාදී තිබූ  යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙනම ඒකකයක් පවා සකසා තිබූ බවද ඒ අනුව එහි සකස් කරන ලද නව යන්ත්‍රය පිහිටුවා ලබන සඳුදා (19) දින සිට අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ රෝහලේදීම සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.


කුරුණෑගල ශික්ෂණ රෝහලට පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයක් නොතීබීම හේතුවෙන් සැක සහිත රෝගීන්ගේ සෙම පටල මහනුවර මහ රෝහලට හෝ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යවා පරීක්ෂා කර බැලීමට සිදුවූ අතර ඒ සඳහා එම ආයතන වලින් ලබා දුන් සේවාව ඉහළින්ම අගය කරන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.



අදහස් (6)

කුරුණැගල රෝහලෙන් පී.සී.ආර්. යන්ත්‍රයක් සාදාගනී

Nuwan Saturday, 17 October 2020 08:14 AM

ලංකාව ගිලගෙන ඉන්න චීනාගෙන් රට විකුණලා දුන්නාට සල්ලි ලැබුණා නේද කෝටි ගණන් ... නමුත් චීනාගේ වයිරසේට බෙහෙත් කරන්න, පරීක්ෂණ කරන්න සල්ලි නැහැ. කොහේද මේ සල්ලි යන්නේ?

:       3       29

BamunuarachchiSunday, 18 October 2020 07:54 AM

දන්නා මගුලක් කතා කරන්න හලෝ.. ජෙප්පන්ගේ මානසිකත්වයෙන් මිදී ඉන්නේ 3%.. ඒ තුන රටම කන්න හදනවා."කොහේද මේ සල්ලි යන්නේ?" ගඟට කපන ඉනි කොහෙද යන්නේ කියලා ඇසුවාම දීපු උත්තර තමයි දෙන්න වෙන්නේ...

:       0       0

janahitha UAE Saturday, 17 October 2020 10:20 AM

සර්ට මගේ ආචාරය.

:       0       17

විමල් Saturday, 17 October 2020 11:19 AM

අයියෝ දවසට 10යි. ඉන්දියාව දවසට ලක්ෂ 100ක් චෙක් කරනවා.

:       18       4

Corona bahirawa Saturday, 17 October 2020 11:16 PM

කොරෝනා මර්ධනයට, ජනතාවගෙන් සල්ලි එකතුකලා ඒවාට මොකද වුනේ.

:       1       5

සමීර Sunday, 18 October 2020 05:13 AM

ආඩම්බර වෙන්න නෙමෙයි. ලැජ්ජා වෙන්නයි ඕනේ... මෙහෙම වැඩ කරනවට. අවශ්‍ය පහසුකම් සපයන්න වෙන්කරපු මුදල් ගසාකද්දී මේ වගේ අටවාගෙන කරන වැඩවලින් රෝගීන්ගේ වාර්තා එක්ක සෙල්ලම් කරනවට. නිරවද්‍යතාව ගැන කොහොමද විශ්වාස කරන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 412 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site