
ඉන්දියාව සංවර්ධනය කරමින් තිබෙන ‘කොවිඩ්-19’ වැළැක්වීමේ එන්නතේ තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර ඇත.
මේ අනුව හර්යානා, බටහිර බෙංගාලය, මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම එම සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ වී තිබේ.
ඉන්දියාව තුළ ‘කොවිඩ්-19’ එන්නතක් සිදුවන විශාලතම සායනික අත්හදා බැලීම ද මෙය වේ.
ඉන්දියාවේ ඖෂධ සමාගමක් වන භාරත් බයෝටෙක් සමාගම මෙම එන්නත අත්හදා බලයි. භාරත් බයෝටෙක් සමඟ ඒ සඳහා ඉන්දියාවේ වෛද්‍ය අධිකාරිය වන ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සමඟ හවුල්කාරීත්ව ගිවිසුමකට ද එළැඹ ඇත.
ඉන්දියාව මෙම ‘කොවිඩ්-19’ එන්නත ‘කොවැක්සින්’ යනුවෙන් නම් කර ඇත. පර්යේෂණ මධ්‍යස්ථාන 22 දී එන්නත අත්හදා බැලෙන අතර ඊට 26,000කට අධික පිරිසක් ස්වේඡාවෙන් ඉදිරිපත් ව සිටිති. මෙම එන්නතේ මුල්ම අත්හදා බැලීම් ආරම්භ වූයේ නොවැම්බර් මස 16 වැනිදා ය.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ අදියර තුන හතරක් පරීක්ෂණ කරන්නේ ඇඟට විදින බෙහෙත් වලට. අපේ රටේ බොන කසාය වලට. තව ටික දවසකින් පේටන්ට් නැතිව බැහැ කියලා වෙදාගෙන් බෙහෙත හදන වට්ටෝරුව අරන් පිටරටක කාටත් බලාගන්න පේටන්ට් කන්තෝරුවකට දෙයි. කසාය වලට මොන පරීක්ෂණද?