IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඉන්දියාව ’කොවිඩ්-19’ එන්නත් දෙකක් අනුමත කරයි

 

‘කොවිඩ්-19’ මර්දනය සඳහා ඉන්දියාව ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකකට අනුමැතිය ලබා දී ඇත.

        

ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමගාම නිෂ්පාදනය කළ ‘කොවිෂීල්ඩ්’ සහ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ සමාගම නිෂ්පාදනය කළ ‘කොවැක්සීන්’ එන්නතට ඉන්දියාවේ ඖෂධ නියාමන ජනරාල්වරයාගේ අනුමැතිය හිමි වී තිබේ.

        

කොවිෂීල්ඩ් එන්නතට ජනවාරි 1 වැනිදා අනුමැතිය හිමි ව තිබෙන අතර කොවැක්සීන් එන්නතට ජනවාරි 2 වැනිදා අනුමැතිය හිමි වී තිබේ.

   

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය ඉන්දියාව තුළම නිෂ්පාදනය කිරීම විශේෂත්වයකි. ඊට අමතරව ‘භාරත් බයෝටෙක්’ සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ද ඉන්දියාවේ නිෂ්පාදනයකි. ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු අතර ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සමඟ එක්ව භාරත් බයෝටෙක් සමාගම එම කොවිඩ්-19 එන්නත නිෂ්පාදනය කළේය.

ඉන්දියාවේ සේරම් ආයතනය නිෂ්පාදනය කළ ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනකා එන්නත හදිසි භාවිතය සඳහා මහජනතාවට ලබාදෙන නමුත් භාරත් බයෝටෙක් සමාගමේ එන්නත සීමාසහිතව භාවිත කෙරෙන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

ඉන්දියාව ඉදිරි දින කිහිපය ඇතුළත ඔවුන්ගේ මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතර ඉන්දියාව පසුගිය දිනෙක දින දෙකක පෙරහුරු එන්නත්කරණ වැඩසටහනක් ද පැවැත්වීය.

ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන ඉන්දියාවෙන් මේ වනවිට එක් කෝටි තිස් ලක්ෂයක ඉක්මවා ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයට පසු ලොව දෙවැනියට වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.

මේ අනුව ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන වනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි.

 ඉන්දියාවේ සියලු දෙනාට ‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදෙන බව පෙරහුරු එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය විමසීමෙන් අනතුරුව එරට සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් දිල්ලියේ දී ඉකුත් දා (2) පැවැසීය.

ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ මුලින්ම සෞඛ්‍ය සේවකයන් කෝටියකටත් ඉන් අනතුරුව කොවිඩ්-19 මර්දනයේ ඉදිරිපෙළ සිටින සේවකයන් කෝටි දෙකකටත් එන්නත ලබා දේ. දෙවැනි අදියර යටතේ තවත් කෝටි 27කට එන්නත ලබාදෙන බව එන්නත ලබාදෙන බව දෙවැනි අදියර නිවේදනය කරමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

මේ අතර ඉන්දියාවේ තවත් ඖෂධ සමාගමක් වන සයිඩස් කැඩිලා සමාගමේ ‘සයිකොව්-ඩී’ සහ රුසියාවේ ‘ස්පුට්නික් 5 (V)’ යන කොවිඩ්-19 එන්නත්වලට ද ඉදිරි දින කිහිපය ඇතුළත අවසරය හිමිවනු ඇතැයි එරට තොරතුරු සහ ප්‍රචාරක අමාත්‍ය ප්‍රකාශ් ජවේකාර් ඉකුත් දිනෙක පැවැසීය.

ඒ අනුව එන්නත් හතරක් සූදානම් කරන පළමු රට ඉන්දියාව බව ද එරට මාධ්‍ය වාර්තාවල දැක්විණි.

 

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

ඡායාරූප - රොයිටර් 

 

055



අදහස් (1)

ඉන්දියාව ’කොවිඩ්-19’ එන්නත් දෙකක් අනුමත කරයි

de silva Sunday, 03 January 2021 10:02 AM

ඔය එන්නත් ලංකාවට තව මාස 7-8ක් ගියත් ගෙන්වන්නේ නැහැ. ගජ මිතුරන්ගේ නිරෝධායන හෝටල් මාෆියාවට පාඩු වන නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site