
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පැවැති විවාහ මංගල මංගලෝත්සව දෙකකට සහභාගී වූ එක් මනාල යුවළකට, කොරෝනා ආසාදනය වී ඇති බවත් අනෙත් මනාල යුවළ ස්වයං නිරෝධානයට ලක් කළ බවත් හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.
ඒ අනුව මංගලෝත්සව දෙකෙහි උත්සව අවස්ථා හතරකට සහභාගීවූ 400 ක් ආසන්න පිරිසක් (24) දා ස්වයං නිරෝධායනයට ලක් කළ බව ප්‍රියන්ත විජේසූරිය මහතා වැඩිදුරටත් කීය.
කඩුවෙල රණාල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයේ මනාල යුවළට මෙසේ කෙරෝනා ආසාදනය වී ඇති බවත් හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති විවාහ උත්සවයේ යුවළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් පැවසේ.
වටරැක ප්‍රදේශයේ පදිංචි තරුණියක් හම්බන්තොට ප්‍රදේශයේ තරුණයෙකු සමඟ විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් පැවති උත්සවය කඩුවෙල රනාල ප්‍රදේශයේ උත්සව ශාලාවක පසුගියදා පැවති අතර දෙවෙනි දවසේ උත්සවය පාදුක්ක කිතුල් කන්ද ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබී ඇති බව පැවසේ.
මෙම අවස්ථා දෙකටම 300 ක පමණ පිරිසක් සහභාගි වී ඇති අතර එම අවස්ථා දෙකටම සහභාගී වීමට නොහැකි වූ තවත් 26 දෙනෙකුට සංග්‍රහ කිරීමේ අවස්ථාවක් වටරැක ප්‍රදේශයේ මනාලියගේ නිවසේ පවත්වා ඇති අතර පසුව මධුසමය සඳහා යුවළ නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් ඇතැයි පැවසේ.
එහිදී දෙදෙනාට ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී යුවලට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ 23 තහවුරු වී තිබූ බව පැවසේ.
ඒ අනුව යුවල ප්‍රතිකාර සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළු කරකොට සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කළ බව කියයි.
ඒ අනුව ආසාදිත යුවළ පැවැත්වූ උත්සව තුන සඳහා සහභාගි වූ 325 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් අතර ඔවුන් ඉදිරියේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.
මේ පිරිස කඩුවෙල හෝමාගම පාදුක්ක කහතුඩුව පිළියන්දල සහ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශවල පදිංචි කරුවන් බව පැවසේ.
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
400 ක් නිරෝධායනයට යැවූ මංගල උත්සව දෙකක්
Buddhika Sunday, 24 January 2021 01:50 PM
කෝවිඩ් ආසාධිත වූ අය නිරෝධායනයට යවන්නේ මොන රටේද?
පොඩි මල්ලි Monday, 25 January 2021 05:51 AM
මෙච්චර සෙනග ගොඩක් එක්ක මගුල් තියන්න අවසර දීපු හරකා කවුද කියලා හොයන්න ඕනෑ...