විනීතා එම් ගමගේ
සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකම නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයට යෝජනා කර ඇත.
පවතින වාතාවරණය යටතේ කොරෝනා ආසාදිත බවට සැක සමහර පුු්දගලයින් නිරෝධායනය කිරීමට ඔවුන්ගේ නිවාස වල ඉඩ කඩ ප්‍රමාණවත් නොවන අවස්ථා ඇති බැවින් මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.
මේ දිනවල ප්‍රයෝජනයට නොගන්නා ගොඩනැගිලි මේ සඳහා සකසා ගත හැකි බවට ද එම සංගමය යෝජනා කල බව ඔහු කියා සිටියේය.
COMMENTS
ඔය ඈයෝ පව්.කරන සේවය අපිට පේනවා. අපේ ජාතිය හැමදාම ලොක්කට මුට්ටිය නේ. ඕක අර සංගමය ගෙනවානම් අප්පා පට්ට යෝජනානේ.
මෙය ඉතා හොඳ අදහසක්. අපිට ලංකාවේ පාසල් 10,000 කට වැඩිය තියනවා. ප්‍රජාශාලා තියනවා.එහෙම කරන කොට ගෙවල් ළඟ නිසා පවුලේ අය ගැන දුක් වෙන්න ඕනිත් නෑ. මෙය අගය කළ හැකි අදහසක්.