(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 66 දෙනකු ඊයේ (20) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 12,284 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 53 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 11 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු  දෙදෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 30 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 36 දෙනෙක් වෙති