(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,305 දක්වා ඉහළ ගොස් ඇත.
වයස අවුරුදු 60 ට වැඩි 22 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 14 දෙනකු සහ කාන්තාවන් 13 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
COMMENTS