
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද එම ප්‍රකාශකයා පැවසීය.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි මොනවාද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (27 වැනිදා) පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධ නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි ලබන සතියේ මුල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණි 2020 මාර්තු මාසයේ සිටම කොරෝනා අසාදිතයකු මිය ගිය අවස්ථාවලදී ඒ සෑම සිරුරක්ම අදාහනය කරනු ලැබිණ.
අමාත්‍යං ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානය කරන්නේ නම් ඒ සඳහා ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන, රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය ඇතිව, සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවයි.
COMMENTS
ලාංකිකයන් මුලාකළ හැකියි. නමුත් ලෝකය මුලා කළ නොහැකියි.
ඇයි මුස්ලිම් පමණක්? එකම නීතියක් රටටම කියන්නේ බොරුවක්ද?
ජිනීවාවල මානව හිමිකම් සැසියට බයේ මේ ආණ්ඩුව බොරුවක් කරනවා වගේ ආයේමත්... බලමු ලබන සතිය වෙනකම්... ඊට පස්සේ අපේ කෙනෙක් කොරෝනා වලින් මැරුණොත් බලෙන් වළලනවා. ඒකේ දෙකක් නැහැ. අපි දැනටමත් මානව හිමිකම් ඔෆිස් එකට දැනුම් දීලා තියෙන්නේ. මේ ගොල්ලෝ මානව හිමිකම් ඔෆිස් එකේදී පූසෝ වගේ, සද්ද වහලා බිම බලාගෙන ඉන්නේ. ලංකාවේදී සිංහයින් සුනඛයින් වගේ... ලැජ්ජා නැද්ද?
ඔබගේ මෙම පුවත කියවන විට මුස්ලිම් ජාතික අයට පමණක් දුන් අවසරයක් ලෙස මා හට හැඟීයයි. නමුත් රජය භූමදානයට අවසර දුන්නේ සියලු රට වැසියාටයි... රජය කිසිසේත් මුස්ලිම් ජාතිකයින්ට පමණක් නීති පනවා නැත.
අද නොවෙයි හෙට... ඔහොම යමු සර්... !!!
ඇයි මෙහෙමත් විහිළු සපයන්නේ? බලන් ගියාම ඔක්කොම බොරු මාධ්‍ය සංදර්ශන විතරයි.
ආණ්ඩුව ජාත්‍යන්තරයේ ගාව දණගැහුවා... අපේ අප්‍රසාදය.. විමල්, උදයංග දැන් සැපද? අපිට නම් දැන් ගොඩක් සැප දැනිලා තියෙන්නේ ඡන්දය දුන්නාට මෙයාලාට...
ඉම්රාන් ඛාන් මහත්තයට ආයෙත් එන්න වෙයිවත්ද ?
අපේ ඉම්රාන් මහත්තයා දැක්ක ගමන් අගමැති මහත්තයා බයවුණා. " කොවිඩ් ප්‍රශ්නේ ෂරි ෂරි .. ඔක්කොම අයව වළලනවා... ඒක නොවෙයි මචන් අත මාරුවට කීයක් හරි දීලා පලයන්..., පස්සේ දෙන්නම්..." කීවාලු. ඉම්රාන්ටත් සල්ලි නැහැනේ... කාගෙන්ද ඉල්ලා ගත්ත සල්ලි වගයකින් ටිකක් අපේ අගමැතිට දුන්නලු... හැබැයි ඒක රටේ වැඩකටද, නැතිනම් ගෙදර වියදම් වලටද කියලා අපි දන්නේ නැහැ.
එහෙමනම් තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙයි.
සිරුරු පාකිස්තාන් වලට යවන්න තියෙන්නේ..
සලමන් ඛානුත් එන්න වෙයිද දන්නේ නැහැ..? නැතිනම් ජිනීවා ඉවර වෙනකම් බලා ඉඳිමු.