IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පස්දෙනෙකුට කොරෝනා

( තිළිණි ද සිල්වා )

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සේවකයින් 5 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

මේ හේතුවෙන් යළි  දැනුම් දෙන තුරු එම තානාපති කාර්යාලය  තාවකාලිකව වසා දැමූ බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

එම තානාපති කාර්යාල වෙත දිනපතා ශ්‍රී ලාංකිකයින් විවිධ සේවා කටයුතු සදහා පැමිණෙන හෙයින් ආරක්ෂිත  පියවරක් ලෙස තානාපති කාර්යාලය අද (21) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව පැවසුවාය .

එම සේවකයින් මේවන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන් තත්ත්වය බරපතල නොවන බව එම අමාත්‍යාංශය කියා සිටී.

මේ සම්බන්ධයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේද නිවේදනයක් නිකුත් කර ඇත.

හදිසි තත්ත්වයක් හේතුවෙන් තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු  වසා දැමෙන අතර වසා දමා ඇති කාලය තුළ එරට වෙසෙන යම් කිසි ලාංකිකයකුට හෝ අවශ්‍ය කෙනෙකුට [email protected] යන විද්‍යුත් ලිපිනය හෝ ගාස්තු රහිත දුරකතන අංක 800119119 ඔස්සේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.



අදහස් (0)

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පස්දෙනෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 240 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 390 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site