IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ පිරිසෙන් 5 කට කොරෝනා

(තිස්ස කොටින්කඩුව)

ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු ඇසුරු කළ පිරිසට ස්වයං නිරෝධායනය වීමට  උපදෙස් ලබාදී තිබුණද එය කඩකර නිවෙස් වලින් බැහැරව සිටි පිරිසක් බස්නාහිර පළාත් නාවික බුද්ධි අංශ නිලධාරින්  විසින් පසුගියදා සොයා ගනු ලැබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා කීය.

මෙසේ කොරෝනා ආසදනය වූ 28 දෙනා අතර සිටි එක් පුද්ගයෙකුගේ බිරිඳකටද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

වෛද්‍ය පරීක්ෂණ වලින් පසු ඇයටද කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීය.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නාවික හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිනෝධායන මධ්‍යස්ථාන වෙත යෙමුකළ පිරිස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවූවන් බවත් මොවුන් තැනින් තැන සැරිසරා ඇති බවත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.      



අදහස් (9)

ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ පිරිසෙන් 5 කට කොරෝනා

lalithm Saturday, 11 April 2020 02:29 AM

කුඩ්ඩන් කොපමණ උගත් ධනවත් වැදගත් පවුල්වල අයවලුන් වුවත් සමාජයට පිළිලයක් බවත් බුද්ධියට සහ මනුසත්භාවයට නිගා දෙන්නන් බවත් පැහැදිලියි. මොවුන් සමාජ ඇසුරින් ඉවත් කිරීමට දිගු කාලීන වැඩ කඳවුරු මොනවා හරි දෙයක් බලෙන්ම සමාජයට සේවාවක් වෙන විදියට කරවගන්න සහ ඔවුන්ගේ වියදම උපයන ආකාරයෙන් ප්‍රතිකාර ලබාදීමත් කර ගන්න සිදු වෙනවා නොවේද? එහෙම වුනොත් අඩු තරමින් බයට හරි ඕව අඩුවෙයි. ඔවුන් නඩත්තුවට රජයේ වියදමත් නවතගන්න හැකිවෙයි.

:       0       12

nishantha Saturday, 11 April 2020 02:31 AM

මේ ගැන මීට ටික දවසකට පෙර ලිපියක් පලවුනා. එහි මා දැමූ අදහස් ඇත්ත බව දැන් වැටහෙනවා ඇති. මේ අය ලංකාව විනාශ කරන කුඩුකාරයෝ. පුනරුත්ථාපනය කළාට වැඩක් නෑ ආයේ කුඩු ගහනවා. මේ කාලය සමාජය සුද්ධ පවිත්‍ර කරන්න කාලයයි. ඒකයි කිව්වේ එදා මේ අය නිරෝධායනය නොකර මුහුදට දාන්න කියලා.

:       1       23

Rane Saturday, 11 April 2020 03:39 AM

රටෙ ජාතික ධනය මෙ අයට වියදම් කරන්න වූ එක පවක්...

:       14       177

rana Saturday, 11 April 2020 04:04 AM

මේ අයගේ ක්‍රියා කලාපය ගැන මීට ප්‍රථමයෙන් සිතන්න තිබුනා නේද ?

:       125       362

මුණසිංහ Saturday, 11 April 2020 04:56 AM

ආණ්ඩුවට බැන බැන කට්ටි පැනපු එකේ ප්‍රතිඵල පේනවා නේද ? දැන් විදවන්න.

:       132       567

ජයරත්න පල්ලෙබැද්ද Saturday, 11 April 2020 05:44 AM

ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ ඔබ එනතුරු මග බලා සිටි... ඉක්මන් කරපල්ලා. ආමෙන්.

:       119       73

Anura Saturday, 11 April 2020 06:27 AM

පළමු ලෙඩා හමුවූ පසු ඔහු ආශ‍්‍රය කළ පිරිස හට රෝගය වැළදී ඇතිදැයි නොසොයා ඔවුන්ට නිදැල්ලේ හැසිරෙන්න දීපු එකේ වගකීම ආණ්ඩුව බාරගන්න ඔනේ...

:       865       803

සනත් ඉතාලිය Saturday, 11 April 2020 06:57 AM

දෑ අවුරුදු සිරදඬුවමක් නැතුව මෙයාලා හදන්න බැහැ.

:       3       48

ravi Saturday, 11 April 2020 03:21 PM

භාවිත කළේ මත්ද්‍රව්‍ය. වැදුනේ කොරෝනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31346 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site