(මනෝප‍්‍රිය ගුණසේකර)
තාවකාලිකව වසා දැමු නීතීපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අවසර හිමිවීම හේතූවෙන් එහි කටයුතු හෙට (27) සිට යළි ආරම්භ කරන බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්‍ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්‍ෂක අංශයේ සේවිකාවකට කොරොනා වයිරසය ආසාදිත වී නොමැති බව ටී.සී.ආර්. පරීක්‍ෂණයේදී හෙළි වීමෙන් අනතුරුව දෙපාර්තමෙන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට අවසර දෙන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අවසර හිමිවීම හේතූවෙන් මෙම පියවර ගෙන ඇත.
නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්‍ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්‍ෂක අංශයේ සේවිකාවක් ආහාර ලබාගෙන ඇත්තේ කොරොනා වයිරසය ආසාදිත බව තහවුරු වු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කාන්තාවකගෙන් බව හෙළි වීමෙන් අනතුරුව නීතීපති දෙපාර්තමෙන්තුව තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා ලදී.
ඉන් අනතුරුව නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්‍ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්‍ෂක අංශයේ සියලු දෙනා ටී.සී.ආර්. පරීක්‍ෂණ සදහා යොමු කළ අතර එහිදී ඔවුන් කිසිවකුටත් කොරොනා වයිරසය ආසාධිත වී නොමැති බව තහවුරු වී ඇත.
ඉන්අනතුරුව නීතීපති දෙපාර්තමෙන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට අවසර දෙන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ පිළිබදව සළකා බැලීමෙන් අනතුරුව ඊට අවසර ලබාදුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
ඒ අනුව තාවකාලිකව වසා දැමු නීතීපති දෙපාර්තමෙන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නීතීපතිවරයා තීරණය කළ බවද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ හෙට සිට අරඹයි