(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ මළතෝට්ටම් කොටසේ  පවුල් දෙකක සාමාජිකයන් 13 කු හට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇතැයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. සුදර්ශන් මහතා පැවැසීය.

එම ආසාදිතයන්ගෙන් අට දෙනෙකු එකම  පවුලක සාමාජිකයන් බවත්  අනෙකුත් පස් දෙනා තවත් පවුලක සාමාජිකයන් බවද ඒ මහතා කීය.

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ සමීපතයන් ලෙස මොවුන් හඳුනාගෙන ඉන් අනතුරුව නිරෝධායනයට ලක් කොට සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂාවේදී මෙම පිරිසටද  කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට තහවුරු වී ඇති බවද කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. සුදර්ශන් මහතා වැඩිදුරටත් පැවැසීය.