රුසියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 300,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මේ වනවිට එරටින් ආසාදිතයින් 308,705 ක් වාර්තා වන අතර ඒ අනුව ලෝකයේ දෙවැනියට වැඩිම කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට රුසියාව පත්වී තිබේ.
රුසියාව දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණි.
පසුගිය පැය 24 තුළ රුසියාවේ ආසාදිතයන් 8,764ක් සහ මරණ 135 ක් වාර්තා වී තිබේ.
රුසියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව වෙනත් බොහෝ රටවලට වඩා අඩු මට්ටමක පවතින අතර සිදුවී ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 2,972කි.
මොස්කව් නගරය රුසියාවේ වැඩිපුරම හානියට පත්වූ කළාපය වන අතර එහි අගුලු දැමීම අටවන සතියටත් දීර්ඝ කර තිබේ.
බොහෝ දෙනා නිවෙස් තුළටම වී ගතකරන අතර නගරාධිපති සර්ජි සොබියානින් කියා සිටියේ ඇවිදීමට හා ව්‍යායාම කිරීමට ඉඩ දීම සම්බන්ධව සලකා බැලීම ඉදිරි කාලයේදී සිදුවනු ඇති බවයි.
කෙසේවුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රුසියාවේ මේ වනවිට තත්ත්වය ස්ථාවර වීමට පටන්ගෙන ඇති බවයි
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.