(විනීතා එම් ගමගේ)
දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 14 ක පුද්ගලයින් 1455 දෙනෙක් මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාව කියයි.
ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කර ඇති තොරතුරු අනුව දියතලාව, කන්දකාඩු, මඩකලපු, යාපනය හා අම්පාර යන ප‍්‍රදේශවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් පවතින අතර මෙම පිරිස එහි නිරෝධායනය වෙමින් සිටිති.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 52 ක් ආරම්භ කර ඇති අතර 4905 දෙනෙක් එහි නිරෝධායනය වී තිබේ. විදේශිකයන් 31 දෙනෙක් ඇතුළු විදෙස් රටවලින් පැමිණි 3577 දෙනෙක් ද රට අභ්‍යන්තරයෙන් හමුවූ 1328 දෙනෙක් ද මෙම මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වුහ.
මේ පිරිස අතරින් විදෙස් රටවලින් පැමිණි 36 දෙනෙක් හා මෙරටින් නිරෝධායනයට ලක්කළ 25 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගනු ලැබූ බව ද හමුදා මාධ්‍ය අංශය කියයි.
ඉකුත් පෙබරවාරි පළමුවැනිදා පළමු නිරෝධායන මධ්‍යස්ථානය දියතලාවේ ආරම්භ වූ අතර වූහාන් හි සිට මෙරටට ගෙන්වා ගනු ලැබූ සිසුන් 33 දෙනා නිරෝධායනය කරමින් මෙරට නිරෝධායන වැඩ පිළිවෙල ආරම්භ කරනු ලැබීය.
අනතුරුව මාර්තු 10 වැනිදා කන්දකාඩුවේ නිරෝධායන මධ්‍යස්ථානය ආරම්භ වූ අතර එතැන් සිට දිවයින පුරා මෙම මධ්‍යස්ථාන ආරම්භ කරනු ලැබීය.
මෙම නිරෝධායන මධ්‍යස්ථානවලින් ගුවන් හමුදාව විසින් තුනක් ද නාවික හමුදාව විසින් දෙකක් ද ඉතිරිය යුද හමුදාව මගින් ද පවත්වාගෙන යනු ලබයි.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2518
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිරෝධායන මධ්‍යස්ථාන 14 ක පුද්ගලයින් 1455 ක්