(අනීෂා මානගේ)
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා යාමට පැමිණි සියලු දෙනාට අද (14) දුම්රියෙන් යාමට අවස්ථාව උදාවිය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අළුයම 5.10ට පිටත් වූ දුම්රියෙන් යාමට පැමිණි විශාල පිරිසක් හරවා යැවීමට සිදුවීම හේතුවෙන් ඊයේ දුම්රිය ස්ථානයේදී කලබලකාරී තත්ත්වයක් ඇති විය.
කෙසේ වුවද අද දින දුම්රියෙන් යාමට පැමිණි 34 දෙනකුට ගමන් කිරීමට අවස්ථාව උදාවිය.
දුම්රියෙන් යාමට පැමිණි සියලුම දෙනාගේ සේවා හැඳුනුම්පත් පරීක්ෂා කර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ට විශේෂ අංකයක් ලබා දී ආසන ලබා දීමට කටයුතු කරනු ලැබීය. තවද නිරෝධායන නීතිවලට අනුව මගීන් ආසනගත කිරීමද සිදුකෙරිණි.



2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බෙලිඅත්ත දුම්රියපොළට පැමිණි සියලු දෙනාට දුම්රියෙන් යාමට අවසර
beliate Thursday, 14 May 2020 02:38 AM
ඡන්ද 34 බේරගන්න එක වටිනවනෙ කොරෝනා වලට වැඩිය...
සමන්ත Thursday, 14 May 2020 05:27 AM
දැන් මේ දුම්රියන් මේ විදිහට ධාවනය කරනවා ඇත. නමුත් කොළඹ දිස්ත්‍රික්කයට ඇතුලු වීමේදී නිරෝධායනය නීති ක්‍රියාත්මක කරන්නේ කෙසේද ? ඊයේ දැක්කා කුරුණෑගල සිට කොළඹ දක්වා පැමිණෙන මගීන් කිව්වේ බස් රථයේ ආසන ගත මගීන් ගෙනයා හැක්කේ වරකාපල දක්වා පමණයි කියලා. පසුව නිරෝධායන නීති අනුව යා හැක්කේ මගීන් 25 කට පමණි. එයට හේතුව වරකාපලින් පසු වීමත් සමග කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික් මායිම් හමුවීම.අනේ මන්දා මේ වගේ තීරණ ගද්දී ප්‍රයෝගික විය යුතු නොවේද ? එසේ නම් බස් රථයේ ඉතිරි මගීන් වෙනුවෙන් වරකාපලදී වෙනත් බසයක් ලබා දිය යුතුයි. මෙච්චර දවස් සෞඛ්‍ය අංශ හමුදාව ජනාධිපති වරයා ප්‍රයෝගික විසදුම් දුන්නා. ඇමැතිවරයෙක් දුන්නු විසදුම නිසා ජනතාව ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක මායිම් වලදී දුක් විදිනවා. A1 මාර්ගයේ වරකාපලට නුදුරින්, A3 මාර්ගයේ තෝප්පුව හන්දිය පසුවී, A2 මාර්ගයේ පානදුර පසුවු පසු, A4 මාර්ගයේ අවිස්සාවේල්ලට නුදුරින්. දුම්රියද මේ අයුරින්ම ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ, ගම්මුපහ දිස්ත්‍රික්කයේ ආරම්භක දුම්රිය ස්ථාන වන අතර මුහුදු බඩ මාර්ගයේ කොරලවැල්ල යන දුම්රිය ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ.
Jayalath Thursday, 14 May 2020 05:55 AM
අන්න හරියට වැඩක් කරගන්න හැටි. මගීන් සහ නිලධාරීම් මොලේ පාවිච්චි කරන හැටි පෙන්නන්න හොද උදාහරණයක්.