
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන අද (15) 80,000 ඉක්මවා ගියේය.
අවසන් පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් වයිරස ආසාදිත මරණ 1,054ක් වාර්තා වීමත් සමඟ එලෙස සමස්ත මරණ ගණන 80,000 පසු කළේය.
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 83,809 දෙනකු හඳුනාගත් බව ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
සතියකට පසු ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ අඩුම වයිරස ආසාදිතයන්ගේ ගණන එය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
පසුගිය සතියේ ඇතැම් දිනවලදී ඉන්දියාවෙන් 90,000 ඉක්මවමින් වයිරස ආසාදිතයන් හඳුනා ගැනිණි.
ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් ජීවත් වන රට වන ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 4.93ක් වේ. වයිරස ආසාදිතයන්ගේ ගණන හෙට දිනය වනවිට මිලියන පහ ඉක්මවා යනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අන් කිසිදු රටකින් වාර්තා නොවූ තරම් වේගයකින් ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. තවමත් ලොව වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එහි දෙවැනි තැන ඉන්දියාව ද තෙවැනි තැන බ්‍රසීලය ද පසුවෙයි.
ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉන්දියාවේ කොරෝනා මරණ 80,000 පනී