ඉන්දිකා රාමනායක
තම සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත‍්‍රයක් වශයෙන් භාවිතා කිරීමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන වලට හැර ඇදිරිනීති බලපත‍්‍ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියලූම පුද්ගලයන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන නීරෝධාන නීතිය යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා පවසයි.
එම පුද්ගලයන් අධිකරණ මගින් වරද කරු කළහොත් සිර දඩුවමකට සහ දඩයකට යටත් වන බවද සේනාරත්න මහතා කියා සිටියේය.
ඔවුන්ගේ වාහන ද අත්අඩංගුවට ගෙන මෙම වංසගත තත්ත්වය පහව යනතෙක් පොලිසියේ රදවා තබන බවද හෙතෙම කීය.
COMMENTS
සමහර රාජ්‍ය බැංකුවල ප්‍රාදේශීය ලොක්කෝ සේවකයින්ට සේවා ස්ථාන වලට වාර්තා කරන්න කියල බල කරනවා. තම තමන් ප්‍රවාහන පහසුකම් සලසාගෙන,. එහෙත් මේ විදියට බැංකු සේවා අත්‍යවශ්‍ය කියල කොහෙවත් නැහැ. අද උදේ පොලිසියේ අජිත් රෝහණ මහතා පැහැදිලිව කිව්වා බැංකු සේවිකාවන්ගේ ස්වාමි පුරුෂයෝ බැංකු හැඳුනුම් පත භාවිත කරලා යන්න දුන්නු වරප්‍රසාදය අව භාවිත කලා කියල අත් අඩංගුවට ගත්ත කියල. කරුණාකර මේ ආයතන වල සේවක සේවිකාවන්ට විශ්‍රාම වැටුප්, වැටුප් ගෙවන දින වලට ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න. මේ තත්වයට හදිසියේ පොලිසි වලට ගිහින් බලපත් ගන්න බැහැ. වරු ගණන් පෝලිමේ ඉන්න ඕනේ. ගෙවල් වල අනිත් අයත් අත්‍යවශ්‍ය රැකියා කරනවා. අනික හැම සේවකයටම තමන්ගේ රිය පදවාගෙන එන්න කියා කිව්වට හැමෝටම රථයක් තියෙනවද? හදිසි අනතුරක හෝ කාර්මික ආබාධයකදී මේ දවස් වල මොනවා කරන්නද? විශේෂයෙන් කාන්තාවන්.
පන්සලේ හරිම සද්දෙට ශබ්ද විකාශන යන්ත‍්‍ර දාලා ... ගෙදර දෙදරනවා... කොහොමද ඉන්නෙ? කන් අඩි රිදෙනවා
මේ ඇදිරි නීතිය පනවන ක්‍රමයේ වැරද්දක් තියෙනවා. හයට ලිහිල් කර 2 අවසන් කරන නිසා විශාල වශයෙන් ජනතාව තමන්ගේ අත්‍යවශ්‍යම හේතු නිසා නගරයට එනවා. මේ ක්‍රමය නිසා වෛසරය තව තවත් පැතිරීම අවදානම ඉහළයි. සවස 7 දක්වා පමණ දීග කළ යුතුයි. අනිත් එක මුළු දිස්ත්‍රික්කයම ඇදිරි පනවනාවට වඩා අදාල ගම නගරය,නිවස කඩය පමණක් ලොක් ඩවුන් සීල් සම්පුර්ණයෙන් වා දැමිය යුතුයි. නගරයේ දිනපතා බැංකුව ආහාර වෙළදසැල් කීපයක් පමණක් විවෘතව තිබිය යුතුයි.
ගුවන් තොටුපලේදී ගෙදරට ගිහින් නිරෝධායන වෙන්න කියනකොට ගෙදර ඉන්න දරුවන් දෙමව්පියන් අසල්වැසි හෝ ඥාති ගෙදරක ඔහු /ඇය ඔවුන්ගේ අවශ්‍ය දේ රැගෙන නිවසින් පිටව ගොස් තිබිය යුතුයි එහෙම නොකරන අයට නීතිය දැඩිව ක්‍රියා කරන නිසා ප්‍රතිපල දායකයි. මේ ගේ තුල නිරෝදනයේදී ඔහුට තිබුනොත් පව්ලේ 8 ක් හිටියොත් ඔක්කොටම ඉවරයි
හරිම සද්දෙට ශබ්ද විකාශන යන්ත‍්‍ර දාලා ... ගෙදර දෙදරනවා... කොහොමද ඉන්නෙ? කන් අඩි රිදෙනවා
ලොක් ඩවුන් කරපු දිස්ත්‍රික්කවල මිනිස්සු ගෙවල් වල සල්ලි ගොඩගහගෙන ඉන්නවා කියලා හිතාගෙන එකපාරට කිව්වා ආපහු ඇඳිරිනීතිය අයින් කරන්නේ නෑ කියලා. බඩු විකුණන වාහන ආවත් මිනිස්සු කොහොමද බඩු ගන්නේ? බැංකුවලින් සල්ලි ගන්න යන්න විදිහකුත් නෑ.