(ඩී.ජී.සුගතපාල)
ඇඳිරි නීතිය පැවතුණද දකුණු පළාතේ සියලුම ආයුර්වේද රෝහල් සහ ඖෂධ නිෂ්පාදනාගරය විවෘතව තබා ඇතැයි දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් සි.එල්.ගුරුගේ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, පිටිගල, අම්බලන්ගොඩ මාතර දිස්ත්‍රික්කයේ අපරැක්ක, වැලිපිටිය, කරපුටුගල, වරල්ල හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, මිගහජඳුර, මොරයාය යන ආයුර්වේද රෝහල් 10 එයට අමතරව බෙලිඅත්ත ආයුර්වේද නිෂ්පාදනාගරයද මෙසේ විවෘතව තබන බව ඒ මහතා පැවසිය.
ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ පළාතේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම සිටින ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ද පැය 24 සේවයේ යෙදි සිටින අතර නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කරන පිරිස්වල ප්‍රතිශක්තිකරණ වර්ධනය සඳහා විශේෂ ආයුර්වේද ඖෂධ පැකැට්ටුවක්ද ලබා දිමට පියවර ගෙන ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd