කොරෝනා වයිරසය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහරැජිණ මාස කිහිපයක් ස්වයං නිරෝධායනයේ පසුවන බවත් ඇය නැවත ඉදිරිපෙළේ රාජකීය කටයුුතුවලට සහභාගි නොවනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට 94 වන වියේ පසුවන ඇය සිය සැමියා වන පිලිප් කුමරු සමග වින්ඩ්සර් මාළිගයේ නැවතී සිටියි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අදියර 3 ක් යටතේ රටේ කටයුතු සාමන්‍ය තත්ත්වයට ගෙන ඒමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබේ.
රාජකීය චරිතාපදාන කර්තෘ ඇන්ඩෘ මෝටන් ද සන් පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එළඹෙන සරත් සෘතුව තෙක් රැජිණගේ සාමාන්‍ය වැඩ කටයුතු යළි ක්‍රියාත්මක නොවනු ඇති බවත් රූපවාහිනී හෝ වීඩියෝ සන්නිවේදන ක්‍රම ඔස්සේ ඇය දැකගත හැකිවනු ඇති බවත්ය.
එය කණගාටුදායක තත්ත්වයක් වුවත් සිය සාමාන්‍ය කටයුතු රැජිණ යළි ආරම්භ කරන්නේ කරන ආකාරය පිළිබඳ තමාට නොවැටහෙන බව ඔහු සඳහන් කරයි.
කොවිඩ් 19 වයිරසය තවත් මාස කිහිපයක් අප අතර පවතිනු ඇතැයි ඔහු පවසයි.
එම තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පිළිවෙත අනුව රැජිණට ප්‍රසිද්ධ වැඩවල නියැලීම සඳහා අවදානමක් උද්ගතවී ඇතැයි ඔහු පෙන්වා දෙයි.
මේ අතර එරට ද සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ ගිම්හාන සෘතුවේදී බකින්හැම් මාලිගය වසා දමනු ඇති බවයි.
එවැන්නක් සිදුවන්නේ වසර 27 කට පසුව බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.
-226-
(ඩේලිමේල් ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍ය මහරැජිණ ඉදිරිපෙළ වැඩකටයුතුවලින් ඉවත් වෙයි
රවින් Monday, 11 May 2020 08:21 AM
අවුරුදු 94ක් කියන්න විශ්‍රාම යායුතු වයසක් නොවේද?
de silva Monday, 11 May 2020 12:53 PM
දැන් අවරුදු 94 වෙලත් බල තණ්හාව තවම අඩු වෙලා නැත , රජ උෂ්ණය ඔලුවට ගැහුවම ඔහොම වෙනවා.
de silva Tuesday, 12 May 2020 06:03 AM
අනේ මෙහෙම බල ලෝභයක්. විශ්‍රාම යන්නේ නැත්තේ මොකද ?