කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම්, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු දිගටම පැවැත්වීමට තීරණය කර තිබේ.
සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට (09) උදෑසන 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ.
මෙම දිස්ත්‍රික්කවල යළි පනවන ඇඳිරි නීතිය (14) වැනිදා උදෑසන 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

COMMENTS
ගෙදර ගාවට භාණ්ඩ ගෙනත් දෙනවා කිව්වට එව්වා නොමිලේ දෙන්නේ නැහැනේ. කොහෙද සල්ලි ඔව්ව ගන්න. දැන් නං අපිට මැරෙන්න තමයි වෙලා තියෙන්නේ. ලංකාදීප පුවත්පත බස්නාහිර ජනතාව විදිනා දුක ගැන ලිපියක් පල කරන්න.