IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

( තිළිණි ද සිල්වා )

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන්  බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලලිත් චුල්ලසුමන පෙරේරා නැමැති 73 හැවිරිදි එක්දරු පියෙකි.

ලලිත් චුල්ලසුමන පෙරේරා මහතා එම වයිරසය ආසාදනය වීම හේතුවෙන් ලන්ඩන් නුවර  චෙයාරින් ක්‍රොස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ සංකුලතා නිසා ඊයේ (07) අභාවප්‍රාප්ත වී ඇත.

කලක පටන් එරට පදිංචි වී සිටි ඒ මහතා සිය බිරිඳ සමඟ එරට අවන්හලක්  පවත්වා ගෙන ගිය අතරම ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ අයෙක් යැයිද එරට තානාපති ආරංචි මාර්ග කියා සිටී.

පෙරේරා මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ ඉසිපතන විද්‍යාලටේ ආදි ශිෂ්‍යයකු වන අතර එම විද්‍යාල වල බ්‍රිතාන්‍ය ආදි ශිෂ්‍ය සංගම් ශාඛාවල ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසින් හා ලන්ඩන් බෞද්ධ විහාරයේ ප්‍රධාන දායකයෙකු ලෙසින් කටයුතු කර සමාජ සේවයෙකුද වේ.

මෙම මරණයත් සමඟ මේ වන විට බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් සිව් දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලක්ෂේන් විජේරත්න , හෙන්රි ජයවර්ධන සහ අනුර ගාල්ලගේ මීට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී එරටදී  මරුමුවට පත්වූහ.

මීට අමතරව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකුද කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් වයස අවුරුදු 32 ක් සහ 43 හැවිරිදි වියේ පසුවූ යාපනය පදිංචිව සිට එරටට පැමිණි අය බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 



අදහස් (1)

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

රවින් Wednesday, 08 April 2020 11:57 AM

ඇයි දොස්තර ඇන්ටන් සෙබස්තියන්පිල්ලයි ,ඔහුත් ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති දොස්තර වරයෙක්. දැනුවත්ව නම් දැනට ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති 9-10 පමණ එංගලන්තයේදී පමණක් මිය පරලොව ගිහින්.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site