(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාවත්ත ප්‍රදේශයේ මුදල් බෙදාදීමේ සිද්ධියේදී තෙරපීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් පස් දෙනෙකු අද (22) මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් සිව් දෙනෙකු එලෙස ප්‍රතිකාර ලබන බව ඔහු පැවසීය.
ඉන් එක් කාන්තාවක් යන්ත්‍රයක් ආධාරයෙන් වාට්ටු අංක 56 ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
රාමසාන් උපවාසය නිමිත්තෙන් දෙහිවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ ජනතාවට මුදල් බෙදා දීම සඳහා පැමිණි අවස්ථාවේදී එම ස්ථානයේදී ඇති වූ තෙරපීමෙන් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබූ අතර ඉන් සිව් දෙනෙකු ඊයේ (21) ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටව ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd