IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිය-පුතා කොරෝනාවට බිලි

(නිමන්ති රණසිංහ)

පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ එකම පුත්‍රයා කොලිවුඩ් ආසාදිත ව මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

සහකාර පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා නීති ශිෂ්‍යයකු වන අතර කෝවිඩ් ආසාදිත වීමෙන් කොතලාවල ආරක්ෂක විද්‍යා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මේ වන විට සහකාර පොලිස් අධිකාරී වරයාද කොවිඩ් ආසාදිත ව කුණ්ඩසාලය පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහු ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ද ඉකුත් සතියේදී කොවිඩ් ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වූ බවද සඳහන් වෙයි.

 



අදහස් (16)

සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිය-පුතා කොරෝනාවට බිලි

fairoos Tuesday, 31 August 2021 04:12 PM

ඉතාම කණගාටුයි

:       1       29

asdfg Tuesday, 31 August 2021 04:14 PM

කණගාටුදායක පුවතක් ඉක්මන් සුවය වගේම මිය ගිය දෙදෙනාට නිවන් සුව ලැබේවා.

:       1       32

janahitha Tuesday, 31 August 2021 04:41 PM

මේ තරම් විනාසයක් කොව්ඩි නිසා. හරිම කණගාටුදායකයි

:       1       24

Mr Don Tuesday, 31 August 2021 04:44 PM

දුක්බර පුවතක්

:       1       26

Kumari Tuesday, 31 August 2021 05:21 PM

කණගාටුදායකයි... නිවන් සුව ලැබේවා...!!!

:       0       1

සිරිපාල Tuesday, 31 August 2021 05:30 PM

මමත් කොරෝනා හැදිච්ච 60 පැනපු කෙනෙක්. මේ තරුණ අය මියයාම ගැටළුවක්..., මුල් දිනවල ප්‍රවේශම් සහගත නොවීම වෙන්න පුළුවන්... එක්කෝ උපතින් ශ්වසන රෝග. ඔය තරාතිරම් වල අය කොහොම හරි වැක්සීන් කරගන්න ඇති. මට නම් ඔය කියන අමාරු ආවාට කැස්ස සහ සෙම තිබුණෙම නැහැ...

:       0       0

Peter Tuesday, 31 August 2021 05:32 PM

හරිම කණගාටුයි

:       0       0

Senaka Tuesday, 31 August 2021 05:50 PM

දවසට දෙසීයකට වැඩිය සාමාන්‍ය මිනිස්සු මැරෙද්දී මේක විතරක් විශේෂ ප්‍රවෘත්තියක් වෙන්නේ ඇයි?

:       0       1

මුණසිංහ Tuesday, 31 August 2021 06:34 PM

ඇසීමටත් දුක්ඛිත පුවතක්...

:       0       0

Udedha Tuesday, 31 August 2021 08:02 PM

කොලිවුඩ් ඇමැති රෝගයක් තිබෙන බව මෙම පුවතින් ඔබ පළමුවතාවට ලොවට හෙළි කර තිබේ. කොලිවුඩ් කියලා රෝගයක් තිබෙනවා ද? එය නිවැරදිද?

:       0       3

කසුන් Tuesday, 31 August 2021 08:31 PM

මේ මාරාන්තික රෝගය සුළුවෙන් තැකිය හැකි දෙයක් නොවේ. එබැවින් හැමෝම ප්‍රවේශම් වෙමු. නැතිනම් මෙවන් කණගාටුදායක පුවත් ඉදිරියටත් බොහෝ අහන්න බලන්න වේවි. එම නිලධාරීතුමන්ට අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.. හිත හදා ගැනීමට එතුමන්ට ශක්තිය දිරිය ලැබේවා... !!!

:       0       2

රසික Tuesday, 31 August 2021 11:04 PM

පොලිසියේ කළ කමක් පල දුන්නාවත්ද?

:       4       1

GEMUNUWednesday, 01 September 2021 12:21 PM

රසික, ඔබේ ප්‍රතිචාරය ලාංකිකයකුට ඔබින්නේ නැහැ.

:       0       2

රසික Wednesday, 01 September 2021 08:54 AM

තවමත් මේකෙ බරපතලකම නොදැන අර පාර්ලිමේන්තුවේ මීහරක් ටික කෑගහමින් සතුටින් ඉන්නේ. අහිංසක ජනතාවගේ ජීවිත ගැන අවතක්සේරු කරමින් කොරෝනාව ගරානාවක් කරගෙන අහිංසක අපෙන් එක එක ක්‍රමවල් හදාගෙන ගසාගෙන කනවා නේද?

:       1       4

JAYATH Wednesday, 01 September 2021 10:29 AM

අර නන්නත්තාර වෙච්චි දේශපාලන පුත්තලම් බූරුවා කිව්වා මේක නිකන් හෙම්බිරිසාවක්යැ කියලා. හදාගෙන බලාපල්ලකෝ හෙම්බිරිස්සාවේ රඟ...

:       1       5

Siri Wednesday, 01 September 2021 07:04 PM

මේ වෙච්ච වින්නැහියට අපේ නායකයින්ට සාප වෙන්න ඕනෑ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site