IMG-LOGO

සුවය ලැබූ ආසාදිතයන් ගණන 14,000 පනී

 

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 479 දෙනකු සුවය ලබා අද (22) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 14,069 කි.

ආසාදිතයෝ 5,619 ක් රෝහල්ගතව තවදුරත් ප්‍රතිකාර ලබමින් පසුවෙති.

අද දිනයේදී පිටව ගිය පිරිස අතර වැඩිම සංඛ්‍යාවක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. එම සංඛ්‍යාව 173 කි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා බවට තහවුරු වූ ආසාදිතයන් ගණන 19,771 ක් වන අතර, 83 දෙනෙකු මියගොසිනි.

2020 නොවැම්බර් 22 වැනිදා වන විට  ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් තහවුරු කරන ලද සංඛ්‍යාත්මක දත්ත

  • සුවය ලැබූ පිරිස = 68.7 %
  • ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්  = 30.8 %
  • මරණ  = 0.5 % 

 

 

 



අදහස් (1)

සුවය ලැබූ ආසාදිතයන් ගණන 14,000 පනී

WCA Sunday, 22 November 2020 11:40 AM

මේක ඔයාලා දාන්නේ නැහැ කියලා දන්නවා. එ්ත් මිනිස්සුන්ව රවට්ටන්න එපා. ඔය යන ඔක්කොම හොඳවෙලා නොවෙයි යන්නේ.. දින 14 පහු වුණාම පීසිආර් නොකර ගෙදර යවනවා ගෙදර කොරන්ටයින් වෙන්න කියලා. ඉතින් කොහොමද සුවය ලැබූ ගණන කියලා ලියන්නේ (දින 14 පසුකළා කියලා දාන්න) පහුගිය දවස්වල මාස එකහමාරකට වඩා හිටියා.. ඕක හොඳවෙන්න. මිනිස්සු හිතන්නේ හොඳවෙලා තමයි යවන්නේ කියලා.. මිනිස්සු නැවතත් සමාජ ගතවෙන්න බලනවා. රෝහල් වලින්වත් හරියට දැනුවත් කරන්නේ නෑ. මිනිස්සුන්ට ඕනේ කොහොමහරි ගෙදරයන්න. ඉතින් රටේ නැති බොරුකියලා රෝහලෙන් යනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 530 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 700 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site