IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සති තුනක් යනතෙක් නිවෙස්වල සිට රාජකාරීවල නිරත වන්න

සේවයට පැමිණීම අත්‍යවශ්‍ය නොමැතිනම් අවම වශයෙන් සති තුනක් යනතෙක් නිවෙස්වල සිට රාජකාරීවල නිරත වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් නුවර එම සංවිධාන මූලස්ථානයේ සේවයේ නිරත සේවකයන්ට ඊයේ (13) දැනුම් දුන්නේය.

‘‘අපට ලැබී ඇති වරම අනුව අපි රාජකාරී කළ යුතුයි. එහෙත් මූලස්ථානයේ සිටින පිරිස අඩු කළ යුතුයි. එය කරන්නේ අපි සියලු දෙනාගේ ආරක්ෂාවට’’ යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පැවැසීය.

‘‘ඔබේ සෞඛ්‍යයට මම ප්‍රමුඛතාව දෙනවා. ආරක්ෂිත වෙන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේම කරුණාවන්ත වෙන්න’’ යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සිය කාර්යමණ්ඩලයට යැවූ පණිවුඩයේ සඳහන් විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ 3,000කට ආසන්න පිරිසක් සේවය කරති.

පිලිපීන රාජ්‍ය තාන්ත්‍රිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි මේ සතියේදී වාර්තා වූ අතර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලෙන් වාර්තා වූ පළම කොරෝනා ආසාදිතය ඔහු විය.

ලොව සංවිධාන සහ සමාගම් රැසක් දැනටමත් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිවෙස්වල සිට සේවය කරන්නැයි සිය කාර්යමණ්ඩලවලට දැනුම් දී ඇත.


ඒ.එෆ්.පී.
- 055



අදහස් (1)

සති තුනක් යනතෙක් නිවෙස්වල සිට රාජකාරීවල නිරත වන්න

Sira Saturday, 14 March 2020 12:41 PM

ඒකටත් එක්ක අපේ රටේ ප්‍රයිවට් කොම්පැණි.. කොරෝනා නෙවෙයි පරමාණු බෝම්බ දැම්මත් හෙට වැඩට එන්න කියයි.. නැත්තම් අතින් නිවාඩු දාලා ඒවත් ඉවර වුණාම නෝපේ දාන්න කියයි. සති තුනක් නාවොත් රෙඩ් නෝටිස් තමා.. නොදකින්.. ලාභ විතරක් හොයන මනුස්සකම් නොදන්න ඒවා තමා 90% තියෙන්නේ මේ රටේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31245 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13418 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site