කොරෝනා වෛරසය හේතුවෙන් පිටතින් පැමිණෙන සංචාරකයින්ට සිය දේශ සීමා වසා තැබීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
දින 30ක් සඳහා මෙම තහනම බලපැවැත්වේ. මෙම පියවර යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 26කට මෙන්ම අයිස්ලන්තය, ලීච්ටන්ස්ටයින්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තයට ද වනු ඇත.
කෙසේවුවද මෙයින් බ්‍රිතාන්‍යයේ පුරවැසියන්ට කිසිදු බලපෑමක් සිදු නොවනු ඇතැයි සඳහන් වේ.
ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාම සහ වසා දැමීම සම්බන්ධව ප්‍රංශය අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තහනම පැනවිය.
දිගු කාලීන පදිංචිකරුවන්, යුරෝපා සංගම් ජාතිකයින්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පවුලේ සාමාජිකයන්, දේශ සීමාවල සහ සෞඛ්‍ය අංශවල සේවකයින් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයින් හැර සෙසු යුරෝපා සංගම් නොවන ජාතිකයින්ට මෙම සංචාරක තහනම බලපානු ඇත.
නිදහස් ගමන් යනු යුරෝපීය දේශසීමා ප්‍රදේශය තුළ ඉතා වැදගත් ප්‍රතිපත්තියකි. නමුත් මෑත දිනවල බොහෝ රටවල් කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ඒකපාර්ශ්විකව පූර්ණ හෝ අර්ධ වශයෙන් දේශසීමා වසා දැමීම් සිදු කර ඇත.
අඟහරුවාදා(17) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ආධාරයෙන් පවත්වන ලද යුරෝපා සංගම් නායකයින් අතර සමුළුවකදී මෙම පියවරට එකඟ වූ අතර දැන් එය සාමාජික රටවල් වලට ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.
බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත සමූහාණ්ඩුවට ද මෙම පියවරට එක්වන ලෙස ආරාධනා කර තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සංචාරකයින්ට දේශසීමා වහන්න යුරෝපා සංගමය තීරණය කරයි