වීසා කාලය ඉක්මවා සිංගප්පූරුවේ රැඳී සිටීම හේතුවෙන් සති හතරක සිර දඬුවමක් නියම වී ඇති 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම තරුණයා සිංගප්පූරුවට පැමිණ ඇත්තේ ජනවාරි 10 වැනිදා ය. වීසා කාලය අවසන් වීමෙන් පසුව ද හෙතෙම සිංගප්පූරුවේ රැඳී සිට ඇති අතර ඒ බව අනාවරණය වී ඇත්තේ ජූනි 12 වැනිදා ය. වීසා කාලය ඉක්මවා සිංගප්පූරුවේ රැඳී සිටීමේ වරදට ඔහු වරදකරු වී ඇති අතර ඒ හේතුවෙන් ඔහුට සති හතරක සිර දඬුවමක් සහ වේවැල් පහර තුනක දඬුවමක් නියම වී ඇත.
එම තරුණයාට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත්තේ ජූනි 18 වැනිදා ය.
‘‘ශ්‍රී ලාංකික ජාතිකයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මුලින් අනාවරණය වුණේ නැහැ. ඔහු රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. ඒ නිසා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වුණේ නැහැ’’ යැයි සිංගප්පූරු බන්ධනාගාර සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේ නමුත් ජූනි 18 වැනිදා ඔහුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙන අතර ඔහු හුදෙකලා කර ඇත. ඔහුත් සමඟ තවත් රැඳවියන් දෙදෙනකු ද ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
ශ්‍රී ලංකිකයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන බව ද බන්ධනාගාර නිලධාරීහු ප්‍රකාශ කළහ.
සන්ඩේ ටයිම්ස්
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සිංගප්පුරුවේදී සිරදඩුවමක් නියමව සිටි ශ්‍රී ලාංකිකයකුට කොරෝනා