(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාර්ලිමේන්තවේු විවාදයකට එක්වෙමින් අද (05) පැවසීය. ‘කොවිඞ් 19’ වසංගතයට පසුව ක්‍රියාත්මක වන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව විපක්‍ෂයෙන් යොමු වූ විවේචනවලට පිළිතුරු දෙමින් නිමල් ලංසා ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“ලංකාවට එක සංචාරකයො අපි දාන ඔක්කොම නීතිවලට අනුව එන්න ඒ ගොල්ලන්ට පිස්සු නෙමෙයිනේ. දවස් 14 ක් බුදියන්න. එහෙම එනවද බුදියන්න. එක එක්කෙනාට නීති දාන්න පු`ඵවන්. ඒ නීතිවලට යටත්වෙලා සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න බෑ”
“හර්ෂ මන්ත්‍රිතුමා කියනවා සංචාරකයො දින 14 ක් තියන්න ඕන කියලා. ඔබතුමා දන්නවා සංචාරකයෝ පසුගිය ඉතිහාසය පුරා ඇවිත් තියෙන්නේ දින 10 යි, 12 යි, 14 යි. ඔබතුමාලා කියන්නේ සංචාරකයා පැය ගාණක් ඇවිල්ලා, කාමර ඇතුළෙ නිදියගෙන ඉඳලා ආපහු යන්න කියලද? එහෙම සංචාරකයන්ට පිස්සුවක් නෑ බුදියගෙන ඉදලා යන්න”
“සංචාරක ව්‍යාපාරයේ නියුතු ලක්‍ෂ 30 ක් ජනතාව මාස නවයක් තිස්සේ තමන්ගේ වාරික ගෙවා ගන්න බැරිව ඉන්නවා. එදිනදා කටයුතු කරගන්න බැරිව ඉන්නවා. ඒ නිසා තමයි රජය උත්සාහ කරන්නේ නියමු ව්‍යාපෘතියක් විදියට මේ ජනවාරි මාසයේ ගුවන්තොටුපළ විවෘත කරලා ශ්‍රී ලාංකිකයන්ව ඕනම වාණිජ ගුවන්යානයකින් ගෙන්න පුළුවන්ද කියලා බලන්න. සංචාරක කර්මාන්තය සඳහා ගුවන්තොටුපළ විවෘත කරන්න පු`ඵවන්ද කියලා බලන්නේ මේ නියමු ව්‍යාපෘතියෙන්”
“නියමු ව්‍යාපෘතියක අඩුපාඩු තියෙන්න පු`ඵවන්. වැරදි වෙන්න පුළුවන්. අපි වැරදි හදාගෙන, අඩු පාඩු හදාගෙන මේ රටේ සංචාරක ව්‍යාපාරයේ නියුතු අහිංසක ජනතාවට යම්කිසි ආදායමක් එන විදියට මේ කර්මාන්ත විවෘත කරන්නයි”
සමඟි ජනබලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මුලසුනේ අවසර ඇතිව මෙසේ අදහස් දැක්වීය.
“ඇමතිතුමා, මම කිව්වේ නිරෝධායනය දින හතකට අඩු කරලා තියෙනවා. දින 14 ක නිරෝධානය අඩු කරලා තියෙන්නේ කොන්දේසියක් සමඟ. ඒක තමයි ගුවන් තොටුපළේ පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. දින තුනෙන් පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. දින හයෙන් පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. අපි ඇහුවේ ඒ පී.සී.ආර්. තුන කරලද කියලයි”
නිමල් ලංසා ඇමතිවරයා ඉන් පසුව මෙසේ පිළිතුරු සැපයීය.
“සංචාරක බුබුළු විදියට ගෙනාපුවම පී.සී.ආර්. දෙකක් කරාම ඇති කියන එක තමයි දැනට දීලා තියෙන නිර්දේශය. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ අය බාහිර සාමාජ සමඟ කටයුතු කරන්න යන්නේ නෑ”
COMMENTS
වැරැදි කතාවක්... රටේ නීතියට මොන කෙනෙක් වුණත් යට වෙන්න ඕනේ.. හැම රටකම ඒක තමයි වෙන්නේ.
රටක නීතියට ගරු කරන්න බැරි නම් මොකටද එන්න දෙන්නේ? අපි වෙන රටකට ගියාම ඒ රටවල නීතියට යටත්. මේක තේරුම් ගන්න බැරි කට්ටිය පාර්ලිමේන්තු යවපු එකයි වරද...
ලංකාවේ ඡන්ද දායකයින්ගෙන් භාගයකටම පිස්සු. ඒ මොන භාගයටද කියල හිතන එකත් පිස්සුවක්.
සාමාන්‍යයෙන් කුඩු වෙළෙන්දොත් ඔහොම හිතනවා.
මරු පාලකයෝ... මොකටද නීති රකින්නේ...? එපානම්
මේ මනුස්සයාගේ මොලේ තරම පේනවා නේද? මහින්ද ගිහින් පිළිගත්තේ මේ වගේ කෙනෙක්ද? අයියෝ අපේ රට..
ඇත්ත නේන්නම්, පිටරටවල රැකියා කරන ලංකාවේ පහුගිය කාලේ කොඩි කරේ දාගෙන රඟපාපු ලාංකිකයින් ලංකාවට ආවාම, ඔවුන්ගේ පොකට් එක සුරාගෙන, නිරෝධානයට හෝටලයකට ගාල් කරනවා වගේ යුක්රේනයේ සිට පැමිණෙන වැදගත් සුදු නෝනා මහත්තුරුනට ඒ විදිහට සලකලා කොහොමද?
මේ වගේ ඇමැතියන්ගෙන් රටට වැඩක් සිදුවේද? රටට තිබෙන නීතිවත් දන්නේ නැහැ. විදේශයකින් පැමිණි විට ඒ රටේ නීති වලට ඔවුන් බැඳී සිටිනවා. අඩුම ගානේ පාස් පෝර්ට් එකේ තියෙන නීති ටිකවත් කියවන්න.
අර ඊයේ අල්ලපු බෝට්ටුවේ ඒවා ටික කාගේද?
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට වගේම, ඡන්දෙ දීලා උන් පාර්ලිමේන්තුවට යවපු මෝඩයොත් බලන් ගියාම පිස්සන් තමයි.
නීති ගරු කරන්නේ නැති විදේශිකයින්ට ගම්වල මිනිස්සු පහර දෙන දවස වැඩි ඈතක නැහැ.
විකාරද මන්දා? නීතිය කාටත් එකනෙ.
රටක නීති සම්පාදනය කරන ආයතනය පාර්ලිමේන්තුවයි. රටේ ජනතාව වෙනුවෙන් ජනතාව විසින් ' සීමිත කාලයකට ' ජනතාව නියෝජනය කරන්න පත්කරන පුද්ගලයා තමයි මන්ත්‍රී කියන්නේ. මේ මන්ත්‍රීලා පසුව අගමැතිට ජනාධිපතිට කඩේ ගිහින්, ගෙදර වලන් පිඟන් හෝදලා... ඇමතිකමක් ගන්නවා. ඉතින් මේ අයගෙන් වැඩි හරියක් උගතුන් නොවෙයි. මේ ලන්සාගේ කතාවෙන්ම පැහැදිලිවෙනවා ඔහුගේ නොහැකියාව. පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයට හවුල්වන කෙනෙක්ම කියනවා " විදේශිකයින් මේ රටේ නීති පිළිපදින්න ඕන නැහැ " කියලා. මේ මනුස්සයාගේ ඇම්බැට්ටයෝ හැමදාම මීගමුව කොටුව පිට්ටනියේ විකුණන කුඩු වැරදිලා මිනිහටම පෙවිලාද කොහෙද? මේ වගේ මැටි මෝල් මෝඩ ඇමතිලා ඕනෑතරම් මේ ධර්මද්වීපයේ දියවන්නාවේ හොල්මන් මන්දිරයෙන් හොයාගන්න පුළුවන්. කුඩුවලින් සරුසාර කළ මීගමුව මේ පාර කොරෝනාවලින් සශ්‍රික කරන්න මෙයා හදන්නේ...
ශ්රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න අපි වගේ කුඩ්ඩන්ට පිස්සු නෑ
stf එකෙන් ගිහින් මුන්දැගේ ගෙදර වට කළාම මහින්ද හෙලිකොප්ටරෙන් ගිහින් බේරගත්ත හැටි අපිට මතකයි. මේ වගේ සතපහකට වැඩක් නැති අය රට කරවන තැනට එවන මිනිස්සුන්ට ගහන්න ඕනේ මඩු වලිගෙන්...
මේක සිංහල බෞද්ධ රටක්. ඔහෙලා කොහොමත් පරංගින්ගෙන් පැවත එන මිනිස්සුනේ. ආපු අතක් බලාගෙන ගියා නම් හරි.
මොලේ කළඳක් නැති කුඩු ජාවාරම්කාරයෝ පාර්ලිමේන්තු යවපු මීගමුවේ මෝඩයන්ට මඩු වලිගෙන් තලන්න ඕනෑ.
මෙයාට තමයි පිස්සු... රටේ නීතිය සැමට එක විය යුතුයි. ජනාධිපති, අගමැති දෙන්නගේ මස්සිනාගේ ප්‍රොජෙක්ට් එකක් හින්දද නීතිය නවන්න ඕනේ කියන්නේ. ලංකාවේ මිනිස්සු අසරණයි. මේ ආණ්ඩුව පාතාලේ වගේ රට කරන්නේ. ජනතාවට දෙවියන්ගේ පිහිට පමණි...
මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවපු අයට පිස්සු. හිරේ ඉන්න ඕනේ අය පාලකයෝ උණාම මේ වගේ බොරු කතා කියනවා... මේකේ වගකීම ගම්පහ ඉන්න අය ගන්න ඕනේ. මේ රටේ නීතිය කියන්නේ එක එක්කෙනාගේ දේපලක් නොවේ. කවුරු මොන රටට ගියත් ඒ රටේ නීතියට අවනතයි. දැන් යුක්රේනයේ ගණිකා වෘත්තිය නීත්‍යානුකූලයි. ඒ රටේ ඇවිත් පුළුවන්ද මේ රටට ඇවිත් ප්‍රසිද්ධියේ මේවා කරන්න. ලංසා ඉස්කෝලේ ගියාද මන්දා..?
එයාට මේ කාලයේ සෑහෙන්න පාඩු ඇති. ලෝකල්ස්ලා වගේ නොවේනේ.. සුද්දන්ට වැඩි මිලට කුඩු ටිකක් දීගන්න පුළුවන්නේ.
තව මේ වගේ කට්ටියක් ඉන්නවලු නාවික හමුදාව තුළ.... ඇත්තද දන්නේ නෑ.. නිලධාරින් සියලුම දෙනාටම රාජකාරියෙන් පසු ගෙදර යන්න පුලුවන්ලු. සාමාන්‍ය සෙබලුන්ට යන්න බැහැලු. නිලධාරීන්ට කෝවිඩ් හැදෙන්නේ නැහැලු. සෙබලුන්ට හැදෙනවලු. අපේ යාලුවෝ ගොඩක් ඉන්නවා නාවික හමුදාවේ... හොයලා බැලුවාම කතාව ඇත්ත... මේ ලංකාවේ හැම නීතියම තියෙන්නේ පොඩි මිනිහාට විතරයි.
මෙහෙම පාර්ලිමේන්තු යවපු අය හරක් නෙමෙයිද? කුඩු බිස්නස් කරලා, තරුණ පරපුර විනාශ කරලා දැන් රටේ නීතිය කන්නද හදන්නේ? මේ වගේ ගොන් කතා කියන්නේ ඇත්තටම මොලේ නැති නිසා නේද? රටේ නීතිය එක එක කුඩු මුදලාලිලාගේ අම්මගේ අප්පගේ බූදලයක් නොවෙයි. මේකද සෞභාග්‍යෙය් දැක්ම...?
කුඩ්ඩා කුඩ්ඩාමය...
මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන අයටත් පිස්සු තමයි.
ඔය මහත්මයා ඔවැනි මතයක ඉන්නවා නම් සෞදි අරාබිය වගේ රටකට යවන්නකෝ... ටික දවසකට අපේ රටේ විදිහට ඒ රටේ ඉන්න ගත්තොත් එන්න වෙන්නේ අත පයත් නැතිව... මම මේ උදාහරණයක් දුන්නේ.. සංචාරකයින්ට රටවල් වලට ඇවිත් ඕන ඕන විදිහට හැසිරෙන්න බැහැ...
මීගමුවේ අය කතාකරයි.
ඒ වුණත් අනිත් රටවල් වල නම් සංචාරකයෝ ඒ රටවල් වල නීති රීති වලට යටහත්ව එව්වා පිළිපදින්න ඕනෑ. ගිහින් බලන්නකෝ... අඩු තරමින් ඉතියෝපියාවට වත්...
ඒක රටක් එක නීතියක් නොමැති බව නේද මේ කියන්නේ? පිටරට පදිංචි ලාංකිකයන් රටට නිවාඩු එනකොට සති දෙකක් නිරොධායනය බලපාන ආකාරය කොහොමද?
රටකට යන ඕනෑම අයෙකු එම රටෙහි නීතියට ගරුකළ යුතු බවවත් නොදන්නා සාමාන්‍ය දැනීමක්වත් නැති මෙවැනි මන්ද බුද්ධිකයින් පාර්ලිමේන්තුවට යැවීම පිළිබඳව මීගමුව ජනතාව දෙවරක් සිතාබැලිය යුතුයි. මෙවැනි නායකයින් සිටිනා අප ආදරණීය රටට තුණුරුවන්ගේම පිහිටයි...
මීගමුවේ ජනතාවනි, ඔල්මොරොන්දන් වෙච්චි අය පාර්ලිමේන්තුවට එවීමෙන් පිළිබිඹු වන්නේ බුද්ධියේ තරමයි...!!!
මේවගේ මිනිස්සු පාර්ලිමේන්තුවට එවන නරි තමයි වග කියන්න ඕනේ.
හොඳමයි මහත්තයෝ... අපිත් එනවා නිවාඩුවට ගෙදර. අපිටත් පිස්සු නෑ දවස් 14 ක් ඔහෙලා කියන හෝටල් වල බුදියන්න. බුදියන්න ඉඩකඩ ඇති ගෙවල් අපිටත් තියෙනවා. අපිටත් ගෙදර යන්න ඕනෑ දෙමාපියන් බලන්න.
එක රට, එක නීතිය ඉවරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීලා ඉවරයි. මහා බැංකු බැඳුම්කර වංචා නඩු තවදුරටත් ඉදිරියට ගෙනියන්න බැරිබව අලි සබ්රි කියයි. පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳව වැදගත් තොරතුරු ගන්න ඉන්දියාවට පැන ගිය සර්ව තවමත් ඉන්දියාවෙන් ඉල්ලලා නැහැ. විස්ස සම්මත කරගන්න හලාල් ඡන්දත් ගත්තා. කන්න ලැබුණත් කබරගොයාත් තලගොයා වෙනවා වගේ. ඉතින් මේ ආණ්ඩුව ගැන තවත් බලාපොරොත්තු තැබිය හැකිද?
මේ මනුස්සයාගේ සැබෑ උගත්කම පෙන්නුවා.
ආපු අයට නම් පිස්සු නැහැ තමයි. ඒත් මෙයාට නම් පිස්සු වගේ..
මොලයක් තියෙන වැඩි දෙනා දැන් ලංකාවේ නැහැ. ඒ අය කාලයක් කාලයක් තිස්සේ ඉඳලා රට දාලා විදේශගත වෙලා.දැන් ලංකාවේ ඉතුරුවෙලා ඉන්න අයගෙන් වැඩිදෙනා මොලයක් නැති මැට්ටන්. ඒ අය වැඩි ඡන්දයෙන් පත්වන නියෝජිතයෝ තමයි දැන් රට පාලනය කරන්නේ. බල්ලො එක්ක ලැග්ගොත් කිනිතුල්ලොත් එක්ක නැගිටින්න වෙන්නේ...
ආ ... මන්ත්‍රී තුමා ...!!!
මෙතුමා ඉපදිලා තියෙන්නේ අනික් පැත්තෙන්...
මට හිතෙන්නේ මුන්නැහේට විකාර වැහිලා කියලයි. කුඩුවල ඌෂ්ණේ ඔලුවට ගහලා වෙන්නැති...!!!
ලෝකයේ කෙනෙක් තව රටකට යනවා නං ඒ රටේ දින නීතියට අනිවාර්යෙන්ම යටත් විය යුතුයි. ඒක තමයි ලෝක ප්‍රඥප්තිය.. ඒකවත් තේරෙන්නෙ නෑනෙ ඒකයි ප්‍රශ්නය...
කුඩු, ගංජා, එතනෝල් කාරයන්ට ‘එක රටක්, එක නීතියක්‘‘ කොහොමත් අදාළ නැහැ.
සර් උඩින්ම පාස්.. මෙයාලා ඒක හොඳටම කරගෙන යනවා. මීගමුවෙ ගැම්ම.. ජය වේවා...!
කුඩු වෙළඳාමෙන් සල්ලි හොයාගෙන පොහොසත් වෙලා උත්තරීතර තැනකට ගියාම මෙහෙම වෙනවා. අර සිංහයාගේ පාටියට ගිය නරියා කළේත් මේක නේ... මීගමුව සහ ගම්පහ කට්ටිය කට්ටිය ආඩම්බර වෙන්න ඕනේ මේ වගේ උගත්, අවංක, බුද්ධිමත් පිරිසිදු අයව රටේ පාලනයට පත්කරපු එක...
මේ වගේ පිස්සු ලංසුවක් තම අමාත්‍ය මණ්ඩලයට පත් කර ගත්ත නායකයෙකුට මනාපය පුද කරපු රටෙන් 59%ක ඡන්දදායකයන් තරම් තවත් පිස්සන් පිරිසක් ලෝකෙම නැතුව ඇති.
සව්දි අරාබියට යනවානම් දේපල පවුලට ලියලා යන්න. එහෙ නීතිවලට අවනත නොවුණොත් එහෙ නීතිය ක්‍රියාත්මක වෙනවා. බෙල්ල කැපිලා තමයි නවතින්නේ. ගොන් පාට් තමයි...