IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වසු පැටියකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

නිශාන්ත කුමාර

අවුරුදු දෙකහමාරක් වයසැති වසු පැටවකු මරා මස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගලඋඩ උණගොල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අද (19) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය උණගොල්ල ගම්මානයේ පදිංචි අවුරුදු 37 ක් 56 වයසැති පුද්ගලයින් දෙදෙනෙකි.

පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැමිණෙන අවස්ථාවේදී වසු පැටවා මරා මස් රැගෙන ගොස් තිබූ අතර හිස සහ පාද හතර පමණක් ඉතිරි කර තිබූ බවද පොලිසිය පවසයි.

සැකකරුවන් බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (5)

වසු පැටියකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

Raveendra Sunday, 19 April 2020 05:58 AM

අපරාදේ මොකට මෙම මස් වැද්දන් දෙන්නව නීතිය ඉදිරියට ගෙනිච්චද මන්දා? දැන් ගම්කබරයින් ගාණක් කපාගෙන ගල් පැලෙන ගොන් තර්ක මහා හඩින් කෑ ගහලා මුන්දෙන්නාට ඉතාම සුළු මුදලකට ඇපත් ලබා ගනීවි. ඇත්ත වශයෙන්ම මෙම ඌරන් දෙදෙනාට කැළෑ නීතිය ක්‍රියාත්මක කරාට පව් නැත.

:       0       0

හංසිකා කුමාරි ජයවර්ධන Sunday, 19 April 2020 06:33 AM

මෙවැනි අපරාධ වලට බරපතල දඬුවම් දිය යුතුයි. ඒත් ලංකාවේ නීති ඊට ප්‍රමාණවත් නෑ. අලුත් නීති හදන්න පාලකයන් ක්‍රියා කරන්නෙත් නෑ. ඉතින් හරක් හොරුන් රජ වෙන එක අහන්න දෙයක්ද? ඊයේ පෙරේදා දවසක මී හරකෙක් ගෙදරක මස් කරලා පොලීසියට අහුවුණා. ඒ එක පොලිස් නිලධාරියෙක් මොකද්ද කීවේ?. " ඔයා මේ වැඩේ ගව ඝාතකාගාරයක කළා නම් ඉවරයිනේ.. " කියලා. ලංකාවට වෙච්චි දෙයක්. ගවයන් විතරක් නෙවේ මේ තත්ත්වය යටතේ හැම සතෙක්ගේම ජීවිතය අනතුරේ... ජනතාව මේ වාතාවරණයට විරුද්ධව ක්‍රියා කළ යුතුයි...

:       0       0

ravi Sunday, 19 April 2020 07:11 AM

කිසිම වගකීමකින් තොර, කිසීම වෛද්‍ය පරීක්ෂණයකින් තොරව මේ විදිහට සත්තු සිව්පාවුන් මරාගෙන අනුබව කිරීම දැන්වත් රජය විසින් නියමාකාර විදිහට පාලනය විය යුතුයි.. ඉබෝලා, කොරෝනා.. ලෝකයට බිහි වුනෙත් මේ විදිහට සත්තු මරාගෙන ආහාරයට ගැනීමෙන් නේද..? මසට ඇති .. දැඩි කරන සතුන් වුනත් අනුබව කලයුත්තේ වෛද්‍ය පරීක්ෂණයකින් පසුවයි.

:       0       8

Lahiru Weerapperuma Sunday, 19 April 2020 08:28 AM

මෙහෙමත් කාලකන්නි.., වැහි නැති හෙණ වදියි...

:       0       25

isurandi Sunday, 19 April 2020 10:50 AM

මේ වගේ අය මුළු ලෝකෙම ඉන්නවා. වැහි නැති හෙන පාත් වෙන්නේ පොදුවේ හැමෝටම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31611 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14003 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11092 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site