IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වයිරසය පැතිරී නෑ

(නිමන්ති රණසිංහ)
 
කොරෝනා වයිරසයට මුහුණ දුන් ලෝකයේ සෙසු රටවල්වලට සාපේක්ෂව අප රට තුළ එම වයිරසය පැතිර ගොස් නැති බව දත්ත නිරීක්ෂණය කිරීමෙන් සනාථ වී ඇතැයි රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
මෙම වයිරසේ  ව්‍යාප්තිය  පිළිබද විවිධ ප්‍රක්ෂේපන  ක්‍රම බිහිවී ඇතත්, ඒවා අභිබවා රෝගය පැතිර යාම නිසා නවීන තාක්ෂණය බෙහෙවින් භාවිත කරන රටවල් පවා බලාපොරොත්තු නොවන පරිදි අවධානමට ලක්වී ඇති අවස්ථාවක අප රට තුළ එම වයිරසය පැතිර නොගොස් ඇතිබව නිරීක්ෂණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
 
කොරෝනා රෝගීන් බහුතරයකට එනම් 80%ක් පමණ රෝග ලක්ෂණ නොපෙන්වා හෝ ම`ද වශයෙන් පෙන්වමින් නමුත් විශාල ලෙස රෝගය පැතිරවීමට හැකිවීමත්, රෝගය හදුනා ගැනීමට ඇති පරීක්ෂණවල සංවේදීතාව 70%කට අඩු වීමත් යන කරුණු වයිරසය ශීඝ්‍රයෙන් වර්ධනය වන රටවල තත්ත්වයට ප්‍රධාන හේතුව බවද රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
මෙරට තුළ මෙම රෝග  ව්‍යාප්තිය ආරම්භයේ සිටම කොරෝනා වයිරසය පිළිබද හා එහි ව්‍යාප්තිය පිළිබද තාක්ෂණීක තීරණයන් තම සංගමය විසින් රජය වෙත ලබාදුන් බවත්, රජය ඒවා පිළිපැදිම අගය කළ යුතු කරුණක් බවත් එම සංගමය සදහන් කරයි.
 
එසේම, පවතින අවදානම් තත්ත්වය විද්‍යාත්මක අධ්‍යනය  කරමින් රටේ ජන ජීවිතය ක‍්‍රමවත්ව නැවත යථා තත්ත්වයට  පත්කිරිමට හැකි ක්‍රමවේදයක් ද අප සංගමය ජනාධිපතිවරයා වෙත ද ලබාදී ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සිය නිවේදනයේ සදහන් කර ඇත.



අදහස් (11)

වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වයිරසය පැතිරී නෑ

Harsha Sunday, 19 April 2020 01:03 PM

හරි හරි චන්දෙ තියන්නනේ ඕන උබලට...

:       35       122

විපරමා Sunday, 19 April 2020 01:14 PM

ඇදිරි නීතිය නොදමා උන්නානම් බලාගන්ඩ තිබුනා. කොරෝනාවේ තරම. බස්වල, කොච්චි වල තෙරපි තෙරපි යන හැටි දැකලා ඇති.

:       0       173

sadun Sunday, 19 April 2020 01:21 PM

එහෙනම් කිව්වේ දැන් තමා අවදානම් කාලේ කියල? බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියාම ඕක තමා වෙන්නේ.

:       0       35

de silva Sunday, 19 April 2020 01:26 PM

හෙට ඉඳන් උසාවි විවෘත කරලා එක පෙරකදොරුවෙකුට කොරෝන හැදුනොත් , තව සතියක් දෙකක යනකොට ඔය තත්ත්වය් වෙනස් වෙලා අපිත් එංගලන්තේ තත්වයට වැටේවි...!!!

:       0       87

athura Sunday, 19 April 2020 02:17 PM

ඒකට හේතුව මේ පුණ්‍ය භුමිය බුදුන් තෙවරක් වැඩි බුදු දහම පවතින දේශය වීමයි. මේ විදිහට හරි මේක ලංකාවට ආවෙ බුදුන් වැඩිය තැනක බොරු නාග ධාතු ප්‍රදර්ශනය කරලා ම්නිස්සු රැවටීම කියායි මගේ හැගීම.

:       7       66

abc Sunday, 19 April 2020 02:30 PM

ඒ වුණත් ජනගහනය එක්ක බැලුවාම ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය වැනි රටවල් දැනට අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලයි මට පෙනෙන්නේ..

:       0       116

OMG Sunday, 19 April 2020 02:35 PM

කාවද රවට්ටන්නේ? ආසියානු කලාපෙ අනිත් රටවලට සාපේක්ෂව ලංකාව අන්තිමයි!!

:       52       134

සඳුන් Sunday, 19 April 2020 02:41 PM

තිරය පසුපස නිහඬ වීරයා මහින්ද ... මහින්ද .... මහින්ද දේශප්‍රිය....?

:       39       74

siri Sunday, 19 April 2020 02:48 PM

චන්දයක් තියන්න හොඳම හේතුවක්. අර නාලිකාවල ඉතාමත් ලස්සනට පැහැදිලි කරලා දෙන්නේ.

:       0       73

Devinda Uduwara Monday, 20 April 2020 12:01 AM

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනගහනයෙන් මිලියනයකට බලපෑමට ලක් වූ රෝගීන් එනම් 13, නේපාලය 1 කි.

:       0       0

නිමල් Monday, 20 April 2020 04:16 AM

නෑ ඕන බොරුවක් අපේ අය පිළිගනියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31611 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14003 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11092 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site