වනජීවී වෙළඳාම සම්බන්ධව පියවර ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු රජය ජී 20 රටවලින් ඉල්ලීමක් කර තිබේ.
ජී 20 රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසු ඕස්ට්‍රේලියාව මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සජීවී සත්ත්ව වෙළඳාම සම්බන්දව පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
චීනයේ වුහාන් හි වනජීවී වෙළඳපොලක් ආශ්‍රයෙන් කොරෝනා වයිරසය මිනිසාට සම්ප්‍රේශනය වන්නට ඇතැයි සැක පහල වීම හේතුවෙන් මෙම කරුණු ඉස්මතු වී ඇත.
ඔස්ට්‍රේලියානු රජය සඳහන් කර ඇත්තේ සජීවී සත්ත්ව වෙළඳපොල මානව සෞඛ්‍ය අවදානමට ලක්කරන බවයි.
එමගින් වනජීවීන්ගේ සුරක්ෂිතතාවයට ද බලපෑම් එල්ල වන බවත් ඔවුහු සඳහන් කරති.
කෙසේවුවද ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම අමාත්‍ය ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් මහතා බීබීසියට අදහස් දක්වමින් පවසා ඇත්තේ එමගින් සියලු සජීවී සත්ත්ව වෙළඳපොල ඉලක්ක නොකරන බවයි.
සජීවි මතස්‍ය වෙළඳාම පූර්ණ වශයෙන් ආරක්ෂිත බැවින් ඒවා තහනම් නොකළ යුතු බව ඔහු පවසයි.
ඕස්ට්‍රේලියාව තවමත් වනජීවි වෙළඳාම ඇතුළු සජීවී සත්ත්ව වෙළඳපොල තහනම් කර නොමැති වුවත් එවැන්නක් නුදුරේදීම සිදුවිය හැකි බව පවසා තිබේ.
චිනය ද මීට මසකට පමණ පෙර නීතිවිරෝධී වනසත්ත්ව වෙළඳාම තහනම් කළ නමුත් තවමත් චීනයේ වෙළඳපොලවල වනජීවීන් අලෙවි වන බව වාර්තා වේ.
ඒ සම්බන්දව අදහස් දක්වමින් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩොස් අද්නාම් මහතා කියා සිටියේ සියලුම රටවල් ආහාර සඳහා වනජීවීන් විකිණීම සහ වෙළඳාම් කිරීම දැඩි ලෙස තහනම් කළ යුතු බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වනජීවී වෙළඳාම ගැන පියවර ගන්නැයි ඕස්ට්‍රේලියාව ජී 20 රටවලින් ඉල්ලයි
ravi Friday, 24 April 2020 08:13 AM
මැදපෙදිගරටවල්වල හුඟක් මනුස්සයෝ එකතුවෙලා මාළු, මස් ආහාරයට ගැනීමට විරුද්දව එක්රැස්වෙලා සමිති සමාගම් පිහිටුවමින් පවතිනවා. සමහරවිට සත්තු සිවුපාවුන්ට හොඳ කාලයක් උදාවෙයිද ..?