IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


විදෙස් රටවල සිටින ලාංකිකයන්ගේ වීසා දීර්ඝ කරන්නැයි ඉල්ලයි

( තිළිණි ද සිල්වා )

දැනට  සංචාර සඳහා විදේශ රටවල් වලට ගොස් සිටින , කොරෝනා වයිරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන්නැයි විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

විදේශ ලේකම්වරයා  මෙම ඉල්ලීම කරනු ලැබුවේ, එම වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා  කරුණු විස්තර කිරීමට ඊයේ(18) සවස බටහිර කලාපීය තානාපතිවරුන් පිරිසක් ඇමතූ අවස්ථාවේ දීය.

දැනට මෙරට තුළ සිටින විදේශීය ජාතිකයින් සඳහා, තම වර්තමාන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ දින සිට එක් මසක දීර්ඝ කිරීමක්, සියලු වර්ගවල වීසා බලපත්‍ර සඳහා ලබා දෙන බවට ශ්‍රී ලංකා රජය ඊයේ(17) නිවේදනය කළ බව ඔහු එම තානාපතිවරුන් හමුවේ  පැවසීය.

මෙවැනි අන්‍යෝන්‍ය විධිවිධාන පොදු  භාවිතයක් බවත් මේ සුවිශේෂී අවස්ථාවේ දී ඔවුන් මුහුණ දෙන ගැටලු අවම කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික සංචාරකයින්ට මෙම පහසුකම් සැලසීමට හැකි වනු රජය අපේක්ෂා කරන බවද විදේශ ලේකම්වරයා එම තානාපතිවරුන් හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තම රටවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට උදව් උපකාර කිරීම සඳහා අදාළ රජයන් විසින් ලබා දෙන සහයෝගය විදේශ ලේකම්වරයා අගය කළ අතර, ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් පිළිබඳ වර්තමාන තත්ත්වය සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව තොරතුරු පැමිණ සිටි තානාපතිවරුන් සමඟ බෙදා හදා ගත්තේය. 

වර්තමානයේ පවතින ගැටලු හඳුනා ගනිමින්, දැනට සියලුම ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩල හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකක ලෙස කටයුතු කරන අතර, වර්තමාන අභියෝග මධ්‍යයේ කොන්සියුලර් හා වෙනත් සේවාවන් සීමිත ප්‍රමාණයක් පමණක් පවත්වාගෙන යන බව ඔහු පැවසීය.

තම පුරවැසියන්, නිරෝධායන මධ්‍යස්ථානවල පවතින පහසුකම් සහ නිසි සන්නිවේදන මාර්ග පිළිබඳව කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩලවලට ඇති ගැටලු සම්බන්ධයෙන්, එහි පැමිණ සිටි දේශීය පාර්ශ්වකරුවන් විසින් ඵලදායී ලෙස ප්‍රතිචාර දක්වන ලදී. 

ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අපේක්ෂා කරන අය සඳහා ගුවන්තොටුපල වසා දමා තිබියදීත්, මෙහි සිටින විදේශිකයන් අපහසුවකින් තොරව පිටත්කර හැරීම පිළිබඳව ද මෙම තානාපති රැස්වීමේ දී එකඟතාවකට පැමිණෙන ලදී.

තම රටවැසියන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීම ඇතුළුව, මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහය පිළිබඳව මෙම තානාපතිවරු අගය කළ අතර, තම රටවල සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ද ඒ හා සමාන පහසුකම් සලසා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම ඔවුන්ගේ රජයන් වෙත දැනුම් දෙන බවටද එම තානාපතිවරු සහතික වූහ.

 



අදහස් (1)

විදෙස් රටවල සිටින ලාංකිකයන්ගේ වීසා දීර්ඝ කරන්නැයි ඉල්ලයි

de silva Thursday, 19 March 2020 03:20 AM

කරුණාකර දැන්වත් සංචාරකයින්ගේ වීසා දිගුකිරීම ඇතුළු දේවල් පළාත්බදව කරගතහැකි වනසේ කාර්යාල පිහිටුවන්න. මේවා සියල්ල කරගැනීමට කොළඹ ප්‍රධාන කාර්යාලයටම එන එක විශාල රස්තියාදුවක්.

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site