කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (24) මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2959 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි.
මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙක් , සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙක් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක්, ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික වෙළඳ නාවිකයෙක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් මෙලෙස කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන් රෝගීන් 2,811 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් රෝගීන් 136 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මේ වන විට කොවිඩ් -19 වයිරසය ආසාදනය වීමෙන් 12 දෙනෙකු මිය ගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදෙස්ගතව සිට පැමිණි හය දෙනෙකුට කොරෝනා
අමරසේකර Tuesday, 25 August 2020 03:20 AM
රට ගියපු අය නිසා දැන් ලංකාව හොඳටම බැට කාල තියෙන්නේ. දැන්වත් මේ අය ගෙන්නන එක නවත්තන්න බැරිද? රටට සල්ලි අවශ්‍යනම් අපි ඒව දේශීයව මුද්‍රණය කරගමු.