(ජේ.කේ.එල් චාමින්ද)
විවිධ රටවලින් මෙරට සංචාරය කිරිම සදහා පැමිණි විදේශිකයින් 18 දෙනෙකු ගාලු වරාය පොලිස් බල ප්‍රදේශය තුලදි ස්වයං නිරෝධායනයට ලක්කර ඇතිබව ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙකි විදේශිය සංචාරකයින් හොටල්වල හා ලැගුම්හල්වල සිට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
ස්විස්ටර්ලන්තය, ජර්මනිය, රුසියාව, හොංකො, එංගලන්තය ආදි රටවලින් පැමිණි විදේශිය සංචාරකයින් මෙසේ ස්වයං නිරෝධනයට ලක්කර ඇත.
මේ අතර විදේශිය රටවල සිට පැමිණි ශ්‍රි ලංකිකයින් 11 දෙනෙකු ද සිය නිවෙස්වලට වි ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය කියයි.
මේ අය අතර ඇමෙරිකාවේ හා ඉතාලියේ සිට පැමිණි අයද සිටි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ මොවුන් ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදේශිකයන් 18 ක් ගාලු වරාය පොලිස් බල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට