IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය දීර්ඝ කෙරේ

(සුජිත් හේවාජුලිගේ සහ නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින සියලුම විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය පවතින තත්ත්වය හේතුවෙන් මසකින් දීර්ඝ කිරීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  නිකුත් කර ඇති නිවේදනයක මෙසේ ද සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය පවතින තත්ත්වය හමුවේ  දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව පහත සඳහන් පරිදි කටයුතු කිරීමට කාරුණික වන මෙන් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටි.

  1. දැනට ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය 2020 මාර්තු 14 වැනි දින සිට ඉදිරියට දින 30ක කාලයකට එනම් 2020.4.12 දින තෙක් දීර්ඝ කරනු ලැබේ.

ඒ අනුව එම සියලුම වීසා දීර්ඝ කිරීම්වලට අදාළ වීසා ගාස්තු ගෙවා වීසාව ඔබගේ විදේශීය ගමන් බලපත්‍රයේ පිටසන් කරගැනීම සඳහා 2020 අප්‍රේල් මස 8 හා 9 යන දිනවලින් එක් දිනක පමණක් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 4 වැනි මහලේ වීසා අංශයට පැමිණෙන ලෙස දන්වා සිටියි.

2. මෙම කාලය තුළ දී ඔබ දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම් ඉහත වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු , ගුවන්තොටුපොළ වෙත ගෙවා දිවයිනෙන් බැහැර වී යා හැකිය. එහිදී දඩ මුදල් ඔබගෙන් අය කරනු නොලැබේ.

3. ඔබ දැනටමත් වීසා ලබාගැනීම සඳහා ගමන් බලපත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශය වෙත ලබා දී ඇත්නම් එහිදී ඔබ වෙත ලබා දී ඇති පිළිගැනීමේ රිසිට් පත්‍රයේ (Acknowledgment) වලංගු කාලය ද 2020 මාර්තු 14 වැනි දින සිට ඉදිරියට දින 30ක කාලයකට එනම් 2020.4.12 දින තෙක් දීර්ඝ කරනු ලැබේ.

මෙම කාලය තුළ දී ඔබ දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම් පමණක් ඔබගේ ගමන් බලපත්‍රය මෙම දෙපාර්තමේන්තුවෙන් ලබාගැනීම සඳහා ඉල්ලීමක් පහත සඳහන් විද්‍යුත්  ලිපිනයන් වෙත ඔබගේ ගුවන් ගමන් ටිකට් පත්‍රයේ පිටපතක් සමඟ යොමු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දෙපාර්තමේන්තුව විසින් ඒ ඒ අවස්ථාවන්හිදී ඔබ වෙත ලබාදෙනු ඇත.

[email protected] , [email protected] , [email protected] , [email protected] , [email protected]  යන ඊමේල් ලිපිනයන්ට ඒ තොරතුරු ඉදිරිපත් කළ හැක.

ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණීමෙන් වළකින ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් ඔබ වෙත සිදුවන අපහසුතාව පිළිබඳ කනගාටුව ප්‍රකාශ කර සිටියි.

 



අදහස් (3)

විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය දීර්ඝ කෙරේ

chandima Tuesday, 17 March 2020 06:47 PM

රටේම ඉන්න සුද්දෝ බත්තරමුල්ලට එන්න කියන්නේ ගානක් ගෙවලා විසා දික්කරගන්න?

:       0       15

almeida Tuesday, 17 March 2020 08:30 PM

මොකක්ද මේ වැඩේ? ආණ්ඩුවට ඊමේල් එකක්වත් නැද්ද ගූගල් පාවිච්චි කරන්නේ? පාලකයන්ගේ හැකියාව හොදට පේනවා. මේ රට මේ ආත්මෙකට හැදෙන්නේ නැහැ

:       0       181

jaya Wednesday, 18 March 2020 03:56 AM

ජි මේල් වලට මේල් යවන්න කීමෙන්ම අපේ ජිජිටල් සුදානම හොඳට පේනවා. දැන් වත් මේවා පිළිවෙලක් කරන්න

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site