IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වැඩිපුර මගීන් පටවාගෙන ගිය පෞද්ගලික බස් 3ක රියදුරු-කොන්දොස්තරවරු අත්අඩංගුවට

(ජේ.කේ.එල් චාමින්ද)

ඇදිරි නීතිය ලිහිල් කිරිමෙන් පසු රජය මගින් ලබාදුන් සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව වැඩිපුර මගින් බස්රථවල පටවාගෙන යාම සම්බන්දයෙන් පුද්ගලික බස්රථ තුනක බස්රථ රියදුරන් හා කොන්දොස්තර්වරුන් අද (20) ගාල්ල නගරයේ දි අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසිය පවසයි.

සෞඛ්‍ය අංශ මගින් ලබාදුන් උපදෙස් අනුව දුරස්ථභාවය ආරක්ෂාකරමින් මගින් රැගෙන බස්රථ ධාවනය වන්නේද යන්න පිළිබද ගාල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අද උදැසන සිට පරික්ෂා කරණු ලැබිය.එම පරික්ෂාවේ දි ගාල්ල හික්කඩුව ගාල්ල අම්බලන්ගොඩ යන මාර්ගවල සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව මගින් නංවාගෙන ධාවනය වෙමින් තිබු පුද්ගලික බස්රථ 03 බස්රථ රියදුරන් හා කොන්දොස්තර්වරු අත්අඩංගුවට ගත්බැව් පොලිසිය පවසයි. මෙහිදි පොලිස් නිලධාරින් විසින් මගින්ට කිසිදුකරදරයක් නොමැතිව ගාල්ල බස්නැවතුම්පොළට මගින් ගෙනවිත් දුරස්ථභාවය තබාගෙන වෙනත් බස්රථවල ගමන්කරන ලෙස උපදෙස් ලබාදෙනු ලැබිය.

අත්අඩංගුවට ගත්බස්රථ රියදුරන්ට හා කොන්දොස්තර්වරුන්ට එරෙහින නිරෝධායන පනත යටතේ නිතිමය කටයුතු කරණ බව ගාල්ල පොලිසියේ රථවාහන අංශය පවසයි. ධාවනය වන බස්රථ වලින් සියයට 98ක් පමණ සෞඛ්‍ය උපදෙස් අනුව දුරස්ථභාවය තබාගෙන මගින් බස්රථවලට නංවාගෙන ධාවනය වු බව පොලිසිය පවසයි.

ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උ පො ප ජගත් මහතා ඇතුළු නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබිය.
 



අදහස් (5)

වැඩිපුර මගීන් පටවාගෙන ගිය පෞද්ගලික බස් 3ක රියදුරු-කොන්දොස්තරවරු අත්අඩංගුවට

රවින් Monday, 20 April 2020 08:31 AM

අර කළ වැද්දා එළියට පනියිද කියලා බලාගෙන ඉන්න.

:       0       4

දොරඹෑවල Monday, 20 April 2020 08:54 AM

අතීසාරෙට අමුඩ ගැසීම නම් වූ කියමන යථාර්ථයක් බවට පත් වූ අවස්ථාවක්

:       0       0

Lakmal Monday, 20 April 2020 09:39 AM

ප‍්‍රායෝගික නැහැ. බස්වල ඩීසල් අහන්නවත් සල්ලි හොයාගන්න බැහැ... දුර ගමන් නැතිව දිස්ත‍්‍රික් වලට විතරක් සීමා වූ බස්යෙදෙව්වා නම් හරි....

:       0       0

rohana kumara mendis Monday, 20 April 2020 09:57 AM

ඉතින් එකට ආණ්ඩුවෙන් වැඩි පුර බස් දැම්මානම් ඉවරණේ සැපට යන්න

:       0       0

බුරුසුවා Monday, 20 April 2020 10:08 AM

ආණ්ඩුව උපදෙස් දුන්නේ මීටරේ පරතරය තියාගෙන යන්ඩ කියලා. මේ මෝඩයෝ ඒකවත් ඇහුවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14009 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site