IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ලන්ඩන් නුවර අලුත උපන් බිලිඳෙකුටත් කොරෝනා

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකදී අලුතින් උපන් බිලිඳෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

එම බිලිඳා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ ලාබාල තම කොරෝනා ආසාදිතයා බව සැලකේ.

දරුවාගේ මවට නිව්මෝනියාව වැළඳී ඇතැයි වෛද්‍යවරුන් පළමුව සැක කර තිබූ අතර පසුව ඇයට ද වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු  කරගෙන තිබිණි.

දරු ප්‍රසූතියට පෙර ඇයව වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ අතර, දරුවා බිහිවීමෙන් පසු නිකුත් වූ වෛද්‍ය ප්‍රතිඵල අනුව ඇයට වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව දරුවා ද පරීක්ෂා කර ඇත.

බිලිඳාට වයිරසය ආසාදනය වූයේ ගර්භාෂයේ සිටියදී ද නැතහොත් දරු උපතේදී ද යන්න මේ වනතෙක් සොයාගෙන නොමැත.

එම බිලිඳාට මේ වනවිට ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවද, මව වෙනත් විශේෂ ප්‍රතිකාර ලබාදෙන රෝහලට මාරු කර යවා ඇති බවද වාර්තා වේ.

(ද ගාඩියන්)

16844



අදහස් (0)

ලන්ඩන් නුවර අලුත උපන් බිලිඳෙකුටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 856 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site