( ජේ.කේ.එල්. චාමින්ද)
ඇදිරිනිතිය ඉවත්කළ අද දින (20) උදැසන වනවිට දකුණු පළාත තුල ශ්‍රි ලංගම බස්රථ 150ක් 200ක් අතර සංඛ්‍යාවක් ධාවන කටයුතු සදහා යොදවා ඇති බැව් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා පවසයි.
උපරිම බස්රථ සංඛ්‍යාවක් ධාවන කටයුතු සදහා යොදවා ගැනිමට කටයුතු කරන බව පවසන ප්‍රාදේශිය කළමණාකාරවරයා මේ වනවිට දකුණු පළාතේ පිහිටි ඩිපෝ 11න් බස්රථ 15කට වැඩි සංඛ්‍යාවක් ධාවන කටයුතු සදහා යොදවා ඇති බවද පවසයි.
බස්රථ සේවකයින්ටද පැමිණිමේ පහසුකම් නොමැතිවිම නිසා සේවකයින් වාර්තා කිරිමේ යම් අඩුවක් දක්නට ඇති වුවද සේවකයින්ගේ පැමිණිම අනුව බස්රථ ධාවනය කිරිමට කටයුතු කරන බවද පවසයි.
ඇදිරි නිතිය ඉවත් කළද ඔවුන්ගේ ඉල්ලිම අනුව රෝහල් කාර්යමණ්ඩල ප්‍රවාහනය කිරිම සදහා ශ්‍රි ලංගම බස්රථ 39ක් තවදුරටත් යොදවා ඇති බව පවසන රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකාරවරයා දැනට පවතින තත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් රෝහල් කාර්යමණ්ඩල සදහා මෙම සේවාව ලබාදෙන බවද හෙතෙම පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රුහුණේ ලංගම බස්රථ 200ක් ධාවනයේ
shanthini Monday, 20 April 2020 10:13 AM
දකුණට මහින්දගේ ගානේ කොරෝනා බෙදාහැරිම පටන්ගනී.