(එච්. එම්. ධර්මපාල)
රත්මලාන ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක සේවක සේවිකාවන් 8 දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට පී.සී.ආර්.පරීක්ෂණ අනුව සනාථ වී ඇති බැවින් අද(25) සිට එම බැංකු පරිශ්‍රය වසා දැමීමට කටයූතු කරනු ලැබ ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම බැංකු කාර්යාලයේ එක් සේවිකාවකට පසුගිය සතියේ වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසුගිය 24 වන දින එම බැංකුවේ සේවක සේවිකාවන් 9 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණවලට යොමුකළ බවත් , ඉන් 7 දෙනෙකුටම වයිරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්.පරීක්ෂණවලට අනුව තහවුරුවීම නිසා මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව ආසාදිත සේවක සේවිකාවන් පිරිස බැංකුව මගින් පවත්වාගන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමටත් , අනෙකුත් සේවක පිරිස නැවත පී.සී.ආර්. පරීක්ෂණයක් සදහා යොමු කරනු ලබනතුරු නීරෝධායනයට යොමුකළ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රත්මලානේ පෞද්ගලික බැංකුවක් වසාදමයි