IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රජයේ මුද්‍රණාලයේ 15කට කොරෝනා

(සුජිත් හේවාජුලිගේ )

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ( රජයේ මුද්‍රණාලය) සේවකයන් 15  දෙනෙකුට කොවිඩ්  ආසාදනයවීම නිසා  එහි අංශ තුනක් වසා දමා ඇත.

මේ අතර තවත් සේවකයන් 50 දෙනකු පමණ කොවිඩ්  ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වීම නිසා  නිරෝධායනයට යොමුවී සිටින බව රජයේ මුද්‍රණාලාධිපතිනී   ගංගානී  කල්පනා ලියනගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

මේ තත්වය නිසා එහි බොහෝ අංශවල  කටයුතුවලට  බාධා මතුව ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.

නිරෝධායනයට යොමු කෙරුණු සේවක පිරිසක් අද දිනයේ රාජකාරියට වාර්තා කිරීමට නියමිත බවත්  සේවකයන් එලෙස කොටසින් කොටස ගෙන්වා රාජකාරියේ යෙදවීමට  බලාපොරොත්තු වන බවත්  කල්පනා  ලියනගේ මහත්මිය කීවාය.

මේ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන්  සඳහා  කොවිඩ්  තෙවැනි මාත්‍රාව   ලබා දීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව පැවසූ මුද්‍රණාලාධිපතිනිය ඒ සඳහා සෞඛ්‍ය අංශවලට විස්තර වාර්තා ලබාදී ඇතැයිද  පැවසුවාය.

කුමන බාධා මතුවුවත් රජයේ මුද්‍රණ කටයුතු සාමාන්‍ය පරිදි ප්‍රමාදයකින් තොරව කරගෙන යන බව  ඇය වැඩිදුරටත් සඳහන් කළාය.



අදහස් (0)

රජයේ මුද්‍රණාලයේ 15කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 857 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site