(තිස්ස කොටින්කඩුව)
කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු රාගම නගර මධ්‍යයේ මැරි වැටි ඇතැයි රාගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියකු බවට හදුනා ගෙන ඇති බවද රාගම පොලිසිය කියයි.
කැස්ස සහ සුලු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණ දි ඇති ඔහු එම පරික්ෂණයේදි කෝවිඩි පොසිටිව් පුද්ගලයකු බව තහවුරු වි ඇති බවත් ඒ පිළිබදව ලැබි ඇති වෛද්‍ය වාර්තාවත් අතැතිව ඔහු එම රෝහලට මිටර් 20 ක දුර ප්‍රමාණයක මෙසේ මහ මග ඇද වැටි මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩි දුර පරික්ෂණ කටයුතු වලදි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.
මිය ගොස් ඇති අය කොරෝනා මර්දන පලමු එන්නත ලබා ගෙන දෙවනි මාත්‍රාව ලබා ගැනිමට බලා පොරොත්තු වෙන් සිටි අයෙකු බවද මෙහිදි අනාවරණය වි ඇත.
අදාල මෘත ශරීරය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදි සිදුකරණ ලද පී.සී.ආර් පර්ක්ෂණයකදි මිය ගොස් සිටි පුද්ගලයා කොරෝනා වෛරස ආසාදිතයකු බවට තහවුරු වුන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කළ රාගම පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
රාගම නගරයේ මැරී වැටුණු දෙදරු පියාට කොරෝනා
bandara menike Monday, 02 August 2021 01:06 PM
එන්නත කියන්නේ උත්තරේ නෙවෙයි. සිරස සභාපතිතුමා අභාවප්‍රාප්ත වෙනකොටත් එන්නත් 02ම ගහලයි තිබුණේ. ඒ ගැන එන්නතෙන් වගකීම ගන්න බෑ. කරුණාකර ඉඟුරු, කොත්තමල්ලි තැම්බූ වතුර පානය කරන්න... සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න.
මුණසිංහ Monday, 02 August 2021 02:39 PM
100%ක් එකඟයි. ඇත්ත පිළිගත යුතුයි...
කිරි පුතා Monday, 02 August 2021 01:32 PM
මළ පුද්ගලයාට කොරෝනා තිබුණා. එන්නතක් ලබා තිබුණා කීවට මරණයට මූලික හේතුව කුමක්දැයි තහවුරු කර නැහැ.
Sri Lanka Monday, 02 August 2021 05:13 PM
කොරෝනා පොසිටිව් නම් ගෙදර ඇරියේ මොකටද? හෘද රෝගයක්... නේද?
Akila Monday, 02 August 2021 05:56 PM
මෙතන තියන බරපතලම කාරණය ඔහු පපුවේ අමාරු කාරයෙක් වෙලත් , කොරෝනා පොසිටිව් වෙලත් , කොහොමද ඔහුව එම පෞද්ගලික රෝහලෙන් නිදහස් කලේ කියන එක ? වහාම රජයේ රෝහලකට පිටත් කර අරින්නේ නැතිව
එරා Tuesday, 03 August 2021 12:04 AM
ඇස්ට්‍රාසෙනිකා නැතිව මිය ගියා ද ?