ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුරෝපා දේශසීමා වසා දැමීමට එම රටවල නායකයෝ අද (8) පියවර ගත්හ.
ඒ අතර කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් යුරෝපයේ මියගිය ගණන ආසියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාවද ඉක්මවා ගියේය.
යුරෝපයේ බොහෝ නගරය සම්පූර්ණ වසා දැමීමට ද එම රටවල නායකයෝ ඊයේ පියවර ගත් අතර ඒ නිසා මිලියන ගණනක් ජනතාව ඔවුන්ගේ නිවෙස්වලට සීමාවූහ. යුරෝපයේ කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 3,400 ඉක්මවා ගියේ යැයි ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

කොරෝනා වයිරසයට එරෙහිව ගෝලීය සටනක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඒ වෙනුවෙන් අද සහ ඊයේ ඩොලර් බිලියන ගණනක සහන පැකේජ ක්‍රියාත්මක කරන බව නිවේදනය කළේය. කොතරම් සහන පැකේජ නිවේදනය කළ ද පොලී අනුපාත අඩු කළ ද බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහත වැටෙමින් තිබෙන අතර ලෝක මූල්‍ය වෙළෙඳපොළවල් ඇතුළු කොටස් වෙළෙඳපොළවල් දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇත.
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව පුරා රටවල් මේ වනවිට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ජනතාව නිවෙස්වලට සීමා කිරීමටත්, කඩසාප්පු, ආපනශාලා, විශ්වවිද්‍යාල හා පාසල් වසා දැමීමටත් පියවර ගෙන ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නරගයෙන් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේය. ලොවපුරා රටවල් ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ජනජීවිත වේගයෙන් වෙනස් වෙමින් තිබේ.
චීනයෙන් මෙම වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්ත ද මේ වනවිට එය යුරෝපය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ද යුරෝපයයි.
ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද වනවිට 200,000 ඉක්මවා ගොස් තිබිණි. අද දහවල් වනවිට යුරෝපයෙන් වාර්තාවන කොරෝනා මරණ ගණන 3,421ක් යැයි ද ආසියාවෙන් වාර්තාවන මරණ ගණන 3,384ක් යැයි ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය. යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. අද වනවිට ඉතාලියෙන් වාර්තා වන මරණ ගණන 2,503ක් විය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය ආර්ථිකය කඩා වැටී ඇති අතර ගෝලීය ආර්ථික පසුබැසීමක් ඇතිවීමේ අවදානමක් උද්ගත වී තිබේ.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
යුරෝපා දේශසීමා වසා දමයි