IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි

( දිල්රුක්ෂි ග්‍රේරු)

කොරෝනා වසංගතය මර්ධනය සදහා සමස්ත ජාතියම පියවර ගෙන ඇති මොහොතක ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල්පත් බෙදාහරින්නැයි මනු කියවන්නට කර ඇති නියෝගය වහාම අවලංගු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා කර ඇති නියෝගයකට අනුව සියළු    ප්‍රදේශවල විදුලි මනු කියවන්නන් හෙට සිට බිල්පත් බෙදාහැරීමට නිවෙස් වලට යාමට නියමිතය.

ජනරාශිය නැවත්වීම සදහා රජය පියවර ගෙන තිබියදී 4000කටඅධික මනු කියවන්නන් ගෙයින් ගෙට යාම හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත  වීමේ ඇති අවදානම සළකා මෙය නවත්වන්නැයි   ඔවුහු කියති.

විදුලි මනු කියවන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා එය වැදගත්වන බවද ඔවුහ පෙන්වා දෙති.

තවදුරටත් හෙට දිනයේ වයඹ පලාතේ බිල්පත් කවුන්ටර විවෘත කිරීමට ද ලංවිම පාලනාධිකාරිය නියෝග කර ඇතැයි වාර්තා වේ.

කොරෝනා අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති වයඹ පළාතේ බිල්පත් කවුන්ටර විවෘත කරනවා වෙනුවට බිල්පත් ගෙවීම සදහා සියලු විදුලි පාරිභෝගිකයින්ට සහන කාලයක් ලබා දිය හැකිය.



අදහස් (13)

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි

sithum Sunday, 22 March 2020 04:33 PM

හැම එකාම බලන්නේ අයිස් ගහන්න. මනු කියවන එකාට තියෙන්නේ මීටරේ කියවලා බිල ලියලා දාලා එන එක. අයුතු ජනරාශිවලට කැමැත්තෙන්ම ගියේ නැතිනම් මේ අයට එක මිනිහෙක්ගෙවත් අහලකට යන්න ඕන නැ

:       24       164

Senevirathne Monday, 23 March 2020 12:34 AM

සහතික ඇත්ත. මනුව අතගානවද, පාරිභෝගිකයාව අල්ලනවද? පයින් සහ බයික් වල තමයි කෙහොමත් යන්නෙ, බොරු බයිලා අයිස්ම පාරම තමයි...

:       0       0

කමල්Monday, 23 March 2020 01:55 AM

සිතුම් ඔයා හරිම බුද්ධිමත්, ඔයවගේ උපදේශකයන් හින්දා වෙන්න ඇති අපේ රට මේවගේ වත් ඉතුරුවෙලා තියෙන්නේ. හිතලා බලන්න ලයිට් බිල් ගෙවල්ගානේ දාලා ආවාම ඉතුරු ටික කරන්න විදියක් . බිල් බෙදන්න යන්න තෙල් ඕනේ. බිල් ලියන අයට ඔෆිස් වලින් බිල් පැක් ගන්න එකතුවෙන්න ඕනේ, දල වශයෙන් එක ඔෆිස් එකක 80ක් පමණ... පාරිභෝගිකයන් වෙත දෙන බිල් දින 10 තුල ගෙවන්නට ඕනේ. සිස්ටම් එකට එම බිල් අප්ඩේට් වෙන්න ඕනේ. හිග තියෙන ඒවා කපන්න ඕනේ. ලයිට් බිල් බෙදන්න යනවා කියලා ඔබ දකින්නේ බිල ගෙදරට ලැබෙන එකද , බුදුසරණයි...

:       0       0

සිතුම්Monday, 23 March 2020 07:55 AM

කඩදාසි, බිල් පැක්, තෙල්, බයික් එක්ක වැඩ කරා කියලා කොරෝනා හැදෙන්නේ නැහැ මනුස්සයෝ. මිනිස්සු එක්ක වැඩ කරනකොට තමයි හැදෙන්නේ. වැඩ කරන දවස් වලට ඔය 80න් 20ක් එක වෙලාවේ දකින්න නැහැ. කොරෝනා තිබුනොත් තමයි 80ම එකට ඉන්නේ.

:       0       0

පෙරමුණේ රාළ Sunday, 22 March 2020 04:38 PM

මේ වෙලාවේ මනු කියවන්නේ නැතුව remote reading කලානම් මසකට ඉතුරුවන මුදල රු. 100000 * 4000 = කෝටී 40ක් ,වසරකට කෝටී 480ක් , මේ ගැනත් හිතන්න

:       3       69

සෙනෙවිරත්න Monday, 23 March 2020 12:42 AM

එතකොට මේවගේ කෙඳිරිගාන්නෙ නැතිව හැමදාම ගෙදර ඉනින පුළුවන් ,

:       0       0

කමල්Monday, 23 March 2020 01:58 AM

රිමෝට් රීඩින් හොද ඵලදායී ක්‍රමයක්... මේ වේලාවේ ක්ෂණිකව ක්‍රියාත්මක කිරීම නොව පෙර සූදානම්ව තිබිය යුතුව පැවතිය යුතුය.

:       0       0

chandima Sunday, 22 March 2020 07:44 PM

කරන්ඩ තිබුණු වැඩනම් එමටයි. නමුත් මෙවෙලාවේ ඔය වැඩේ නවත්තල බිල්පත් නොයැව්වොත් ආණ්ඩුවට තියෙන අදායමක් නැතිව යනවා. එතකොට තවත් කබලෙන් ලිපට වැටෙනවා.

:       0       0

lalithm Monday, 23 March 2020 02:54 AM

සත්‍යයි

:       0       0

lalithm Monday, 23 March 2020 03:04 AM

මේ කතාව කොතෙක් වලංගුද සුපර් මාකට්වල, බැංකුවල සේවකයින්ට. ඔවුනුත් සේවය නතර කලානම් තත්වය. මේ මනු කියවන්න ගෙවල් වලට යන්නේ තම මොටෝර් සයිකලේ හෝ පයින්. ඔවුන් අන් අය ස්පර්ශ කරන්නේ නැහැ. බොරුව ඉස්සරහට දමා බොරදියේ මාළු බාන්නන්. රිමෝට් ඇක්සෙස් තියන මීටර් ලංකාවේ හදනවා. ඒවා සවිකොට මොවුන්ගේ සේවය නතර කරන්න. විසන්ධි කිරීමත් එ්කෙන්ම කරන්න පුළුවන් හින්ද වෙන ප්‍රශ්නත් අඩුවේවි.පින් පඩි කාරයෝ අඩුකරන්න.

:       0       1

de silva Monday, 23 March 2020 03:12 AM

හැමෝම විදුලි මීටරේ අතපත ගාන්නේ නැහැ. එමනිසා විදුලි මීටරෙන් කොරෝනා බෝ වෙන්නේ නැහැ , මනු කියවන මනුෂ්‍යයාට තිබෙන්නේ මාස්ක් එකක් දමාගෙන ගිහින් මනුව කියවලා බිල දීලා එන්න පමණි. නැතුව නිවැසියන් සමග අල්ලප සල්ලාපයේ යෙදෙන්න ඔහුට අවශ්‍යතාවයක් නැත. පොලිස් නිලධාරීන්, සාත්තුසේවකයන්, දොස්තරලත්, පසුගිය කාලයේ ආගමන විගමන නිලධාරිනුත් කොපමණ අවධානමක් ගත්තද ? දැනටත් ගන්නවද ? හැමෝම බලන්නේ නිකන් ඉන්න. බිල් ගෙවන්න සහන කාලයක් දෙන්න ඕනේ... නමුත් මුලින්ම මනුව කියවලා බිල නිසිලෙස සකසලා තිබෙන්න ඕනේ... නැතිනම් මාස 3ක් විතර පස්සේ ඔක්කොම එකතු කරලා බිල ඩබල් ට්‍රිබල් කරලා ඒව්වාහම මොකද කරන්නේ ? කසල ප්‍රවාහනය , විදුලි බලමණ්ඩලය, ජල සම්පාදන , තැපැල් වැනි සේවා ක්‍රියාත්මක කළා කියලා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ . ඔවුන්ට මුක වාඩම් සහ අත්වැසුම් දමාගෙන සේවය කරන්න කියන්න.

:       0       0

දෙනෙත් Monday, 23 March 2020 06:14 AM

හොඳම දේ තම තමන්ගේ නිවෙස් වල මීටරයේ මනු අංකය කොලයක ලියලා නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කරන්න කියලා කලින් දවසේ ශබ්ද විකාශන භාවිතයෙන් දැනුවත් කිරීම

:       0       1

සත්‍ය.. Monday, 23 March 2020 04:15 PM

ප්‍රමාද වෙලා බිල ලියන්න ආපුවම මාසෙකට එන බිල නෙවෙයි මාස එක හමාරකට එන්නේ.. මාසෙට රුපියල් 250- 300 ශේප් වෙන්න පුලුවන් බිල තව දවස් 10- 12ක් ගියාම බිල ඩබල්, ට්‍රිබල් වෙනවා.. එ්කෙන් අසාධාරනයක් වෙන්නෙත් පොඩි මිනිහට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site