IMG-LOGO

මැතිවරණ රැස්වීම් - ප්‍රචාරණ කටයුතු වලට නීතිපතිගේ අනුමැතිය

(මනෝප්‍රිය ගුණසේකර)

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මහමැතිවරණයට අදාළව ඉදිරිපත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් ඡන්ද අපේක්‍ෂකයින්ගේ මැතිවරණ රැස්වීම්, ප්‍රචාරණ කටයුතු සහ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතීපති දප්පුල ද ලිවේරා මහතා අද (17) අනුමැතිය ලබා දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඡන්ද කාලසීමට අදාළව සෞඛ්‍ය රෙගුලාසි වල කෙටුම්පතක්ද ඉදිරිපත් කරමින් කළ අනුමැතිය ඉල්ලීම පිළිබඳව සළකා බැලු නීතීපතිවරයා ඡන්ද අපේක්‍ෂකයින්ගේ මැතිවරණ රැස්වීම්, ප්‍රචාරණ කටයුතු සහ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් අනුමැතිය ලබා දුන් බව නීතීපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

රෙගුලාසි පැණවීමෙන් තොරව නිලධාරීන් හා ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථාන වලට කැඳවීම ගැටළු සහගත බව අවධාරණය කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පසුගිය ජුනි මස 27 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සෞඛ්‍ය රෙගුලාසි පැණවීමේ ගැසට් පත්‍රය නොපමාව නිකුත් කිරීමට පියරව ගන්නැයි ඉල්ලීමක් කොට ඇතැයි දැනුම් දුන් නිශාරා ජයරත්න මෙනවිය ඒ බව දැනුම් දෙමින් පසුගිය 15 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ සළකා බැලු නීතීපතිවරයා එලෙස අනුමැතිය ලබාදී ඇතැයිද පැවසුවාය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඡන්ද කාලසීමට අදාළ සෞඛ්‍ය රෙගුලාසි වල කෙටුම්පතක් 2020 ජුනි මස 27 වැනිදා ඉදිරිපත් කොට ඇතැයිද සෞඛ්‍ය රෙගුලාසි පැණවීමෙන් තොරව නිලධාරීන් හා ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථාන වලට කැඳවීම ගැටළු සහගත බැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සෞඛ්‍ය රෙගුලාසි පැණවීමේ ගැසට් පත්‍රය නොපමාව නිකුත් කිරීමට පියරව ගන්නා ලෙස ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කොට ඇතැයිද කී නිශාරා ජයරත්න මෙනවිය ඒ බව දැනුම් දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතීපතිවරයාගෙන් සෞඛ්‍ය රෙගුලාසි වලට අනුමැතිය ඉල්ලා තිබු බවත් පැවසුවාය.

ඒ සම්බන්ධයෙන් සළකා බැලු නීතීපතිවරයා එම රෙගුලාසි වලට අදාළ කෙටුම්පත ඉදිරිපත් කොට ඇත්තේ ඡන්ද අපේක්‍ෂකයින් සම්බන්ධයෙන් වන මැතිවරණ රැස්වීම්, ප්‍රචාරණ කටයුතු සහ ඔවුන්ගේ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතීපතිවරයා ලිඛිත අනුමැතිය ලබා දී ඇතැයි කී නිශාරා ජයරත්න මෙනවිය ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාටද දැනුම් දුන් බවද පැවසුවාය.

 

 



අදහස් (6)

මැතිවරණ රැස්වීම් - ප්‍රචාරණ කටයුතු වලට නීතිපතිගේ අනුමැතිය

Shantha Herath Friday, 17 July 2020 01:13 PM

දැන් ගැසට් ඒක නිකුත් කරනවද? නැතිද? මොනවා කළත් ආණ්ඩුවේ නොහැකියාව සහ දුෂ්ට චේතනාව මිනිසුන් තේරුම් ගෙන ඉවරයි. ප්‍රතිඵල ඡන්දයේදී බලාගන්න පුළුවනි. අපි 16 දෙනෙක් රට වටේ කල මතවිමසුමකදී සජිත් හිතුවාට වඩා ඉහළින් ජයගන්නවා. පොහොට්ටුවන්ට ආසන 31ක් පමණක් ලැබෙනවා.

:       629       229

Sri LankanSaturday, 18 July 2020 12:25 AM

බලමුද අපි...මේ පිටුව බුක්මාර්ක් කරලා තියාගන්න. ඡන්ද ප්‍රතිඵල එන දවසට රිප්ලයි එකක් දාන්නම් හොඳේ...

:       3       39

නිශ්ශංක හේරත් Saturday, 18 July 2020 09:37 AM

මේ පාර ඡන්දෙ කෙසේවෙතත් ඡන්දෙන් පස්සේ මිනිස්සුන්ගෙන් බුරියානි නම් හම්බ වෙයි. සම්බෝලත් ලැබෙයි.

:       0       0

lal Friday, 17 July 2020 03:18 PM

නීතිපති කොරෝනා වයිරස් එකෙ ජාතකේ දන්න හැඩයි... ඡන්දෙ ඉවර වෙද්දි බලාගන්න පුළුවන් වෙයි කාගෙ කාගෙත් කටේ නරිවාදම් ටික...

:       43       5

karu Friday, 17 July 2020 03:57 PM

මේ නීතිපති මොලේ අමාරුකාරයෙක්. කොන්ඩේ දැක්කම කියන්න පුළුවන් කවුද කියලා. අලුත් ආණ්ඩුවක් පත්වුණු වහාම යවන්න ඕනෑ...

:       0       54

kamal Saturday, 18 July 2020 02:54 AM

නැතුව, නැතුව... බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ..

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 181 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site