IMG-LOGO

මැතිවරණය අවසන් වනතුරු පාසල් වසා දැමීමට තීරණයක්

මහ මැතිවරණය අවසන් වනතුරු දිවයිනේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.

අගෝස්තු මස 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය අවසන් වනතුරු පාසල් විවෘත නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය පාලනය වනතුරු එලෙස පාසල් විවෘත නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙන අතර ඊට අදාළ නිල නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරනු ඇතැයි වාර්තා වේ.

මැතිවරණය සඳහා පාසල් පමණක් විවෘත කෙරෙන බවත් මැතිවරණ බලධාරීන් ඒවායේ සිය මැතිවරණ රාජකාරී කරගෙන යනු ඇති බවත් පැවසේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් හමුවීමත් සමඟ ජූලි 13 වැනිදා සිට 17 වැනිදා දක්වා සතියක කාලයකට පාසල් වසා දැමිණි.

ඩේලිමිරර්

055



අදහස් (10)

මැතිවරණය අවසන් වනතුරු පාසල් වසා දැමීමට තීරණයක්

isuru Friday, 17 July 2020 08:08 PM

ගත්තු හොඳ තීරණයක්... අපි දකිනවනේ ඕනෑතරම් නගරවල, පාසල් අවසන් වීමෙන් පසු සෞඛ්‍ය නීති කිසිම දෙයක් පිළිගන්නේ නැතුව ළමයි හැසිරෙන විදිහට මේ ගත්ත තීරණය නිවැරදියි...

:       1       103

nanayakkara Friday, 17 July 2020 11:10 PM

පාසල් වහන්නේ. මැතිවරනය ඉවරවෙනකම්ද? කොරෝනා ඉවර වෙනකම් නොවෙයිද? අනේ දෙයියනේ...

:       26       112

අලුත්ගේ මාතර Saturday, 18 July 2020 12:31 AM

ඉතා හොඳ තීන්දුවක්. කොච්චර ඉඩ තිබුණත් ටියුෂන් පන්තිත් උපරිම ළමයි 100 කට සීමා කරන්න. අනික ඉදිරියේදී සෑම ටියුෂන් පන්තියක්ම උපරිම ළමයි 200 කට සීමා කරන්න. ටියුෂන් පන්තිවල දැඩි සෞඛ්‍ය නීතිරිති අනුගමනය කරවන්න. ඒවා අධීක්ෂණය කරවන්න. 100කට වැඩිනම් සැලකිය යුතු බදු මුදලක් පනවන්න. ඒ තත්වය අඩුම තරමින් මේ වසර අවසානය වන තෙක් බල පවත්වාගෙන යන්න. උත්සව සඳහාත් උපරිම සංඛ්‍යාව 200ක් පමණ කරන්න. 100 ක් නම් වඩාත් හොඳයි. වැඩ වැරදුණාට පසුව පසුතැවිලි වී හෝ තීන්දු තීරණ අරගෙන වැඩක් නැහැ. දැන් අතිගරු ජනාධිපතිතුමා රටේ ඇවිදින හැටි හොඳයි.

:       103       110

චමරි Saturday, 18 July 2020 01:49 AM

මාර සෞඛ්‍ය උපදෙස් ටිකක් දෙන්නේ කට්ටිය... රටට තියෙන ආදරේ..

:       11       24

Rohana Saturday, 18 July 2020 02:00 AM

පාසල් විවෘතකරන දිනය මේ අනුව තවදුරටත් අවිනිශ්චිතයි.

:       0       6

Narada Saturday, 18 July 2020 02:19 AM

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොඳ තීරණයක්... ළමුන් ගැන නම් බයක් නැහැ.

:       137       22

JayaSaturday, 18 July 2020 07:14 AM

ළමුන්ට අධ්‍යාපනික වශයෙන් සිදුවෙන පාඩුව ගැන කිසිවක් අවධානය නොදීම සහ මැතිවරණය ඉලක්ක කරගෙන (ඒ සඳහා කොරෝනා පාලනය කර ගැනිම පිණිස) මෙය සිදු කිරීම ගැන මට නම් ඇත්තේ අප්‍රසන්න හැඟීමක්...

:       111       170

Rata Perata Saturday, 18 July 2020 07:19 AM

වැඩ අල කරන විරුවා සහ පවුල ඕනෑම තීරණයක් ගනීවි ඡන්දය වෙනුවෙන්.. රට සහ රටේ මිනිස්සු ගැන නම් හිතලා ගන්න තීරණ නැතිවෙයි.

:       131       230

kamal Saturday, 18 July 2020 07:37 AM

ලෙඩා මළත් කමක් නැහැ ඡන්දෙ තියලා...

:       118       164

Sanjeeva Saturday, 18 July 2020 09:13 AM

දුම්රිය ස්ථාන අසල කිසි විටෙකත් පොලිස් ස්ථාන ස්ථානගත නොකරන්න, මන්ද මිනිසුන්ට පහර දීමට තරම් ගල් සොයා ගත හැකි බැවිනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 182 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 506 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site