IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මුඛ ආවරණ 5000 ක් නොමිලේ බෙදා දෙයි

(එස්. ඩි. කොඩිකාර )

දෙනියාය ,වරල්ල සමීර ඇපරල්ස් පෞද්ගලික සමාගම  මුඛ ආවරණ 5000 ක් නොමිලේ මසා  බෙදාදීමේ වැඩ සටහනක් අද (23) වරල්ල ප්‍රදේශයේ දී  ක්‍රියාත්මක කෙරුණි .

රට පුරා  පැතිරි යන කොරෝනා වයිරසය හේතුවෙන් ජනතාව ඉන් මුදවා ගැනීමේ අරමුණින් තම පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වැයකර  මෙම සමාජ සත්කාරය සඳහා මුල පිරූ බව  සමීර  ඇපරල්ස්  පෞද්ගලික සමාගමේ අධිපති කේ.ජී. චින්තක උදයකුමාර මහතා  පැවසීය .

කොටපොළ ප්‍රාදේශීය සභාව,කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,දෙනියාය මුලික රෝහල ,කොටපොල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යාලය  මින් කොටසක් බෙදා දුන් බවද චින්තක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

යම් හෙයිකින් වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති වුවහොත් තමන්ගේ ආයතනය සහ නිවස පවත්වාගෙන යන සිව් මහල් ගොඩනැගිල්ල ද  නීරෝධාන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු   සලසා දෙන බව  කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද  අබේවික්‍රම මහතාට පැවසීය.



අදහස් (2)

මුඛ ආවරණ 5000 ක් නොමිලේ බෙදා දෙයි

Sachintha illangasinghe Monday, 23 March 2020 03:40 PM

නියම වැඩක්... සියලු පැතුම් ඉටුෙව්වා!!

:       2       48

sasanka Tuesday, 24 March 2020 03:26 AM

ඔබ වැනි මිනිසෙක් මෙි මවුබිමට දායාද කල දෙමාපියන්ට පිං වගේම . ඔබගේ සියලු බලාපොරෝත්තු ඉටුවෙිවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරන අතර ඔබට සියලු අභියෝග ජයගෙන ඉදිරි අනාගතය ඔබ සිතන පතන අයුරින්ම සාර්ථක වෙිවා... ඔබට මෙන්ම ඔබගේ බිරිඳට හා දරු දැරියන්ට මෙන්ම මෙි දෙරනේ ජිවත්වන සියලුම මනුෂ්‍යයින්ට ඔබ මහඟු සමිපතක්. සියලු කරදර නිමා ෙකාට බුදුන්ගේ සරණ සියලු දෙවියන්ගේ පිහිට ඔබට නොඅඩුව ලැබෙිවායි කියා හදවතින් ප්‍රාර්ථනා කරමි. ඔබට ජයෙන් ජය....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 29 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site